මහා සයුරට බැස්සොත් පිහිනීමට නොදනී නම් ඔබ සැඩ රළ පහර මැද ගිලී යාවි. නමුත් නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද නොහැකි අරුම පුදුම මුහුදක් ගැන ඔබ අසා තිබෙන්නට පුළුවන. ඒ ජෝර්දානයත් ඊශ‍්‍රාලයත් අතර පිහිටි මළ මුහුදයි. අක්ෂාංශගත පිහිටීම ගතහොත් උත්තර අක්ෂාංශ 100 - 300 අතර ද නැගෙනහිර දේශාංශ 300 - 450 අතරද මළ මුහුද පිහිටා ඇත.සාමාන්‍ය මුහුදකට වඩා මළ මුහුදෙහි ජලයෙහි විශේෂත්වයට හේතුව එහි ඇති අධික ලුණු සාන්ද්‍රණතාවයයි. මෙම ලවණතාවය සාමාන්‍ය මුහුදු ජලයෙහි මෙන් අට ගුණයකි.මෙයට හේතු දෙකකි. ප‍්‍රධාන හේතුව මළ මුහුද වෙනත් සාගරයක් හෝ මුහුදක් සමග සම්බන්ධ නොවීමයි. අනෙක් හේතුව නම් නුබියන්, සිරියන් වැනි විශාල කාන්තාර ප‍්‍රදේශවලට මැදිව පිහිටීම නිසා අධික වාෂ්පීකරණයකින් යුක්තවීමයි. මෙම විශේෂිත ලවණ සාන්ද්‍රණතාවය නිසා සාමාන්‍ය මුහුදක දැකිය හැකි මසුන්, දැල්ලන්, ඉස්සන් වැනි ජීවීන් හෝ මුහුදු ශාඛ මළ මුහුදෙහි දැකිය නොහැක. අධික ලවණතාවයට ඔරොත්තු දෙන, දම් පැහැති ජීවීන් විශේෂයක් මළ මුහුදෙහි වෙසෙන බව සාගර විද්‍යාඥයන් විසින් මෑතකදී සොයා ගෙන ඇත.
මළ මුහුද පිහිටා ඇති ආකාරය පිළිබඳව විමසීමේදී එය පියවි ඇසින් දැක බලා ගත හැකි මුහුදු මට්ටමින් පහත්ම ස්ථානය ද වේ. මෙහි ජල මට්ටම මීටර් 405 ක් ගුඹුරින් පිහිටා තිබෙන අතර ගොඩබිමේ සිට පහළට යත්ම අධික ලෙස උෂ්ණත්වයද වැඩි වේ. මෙම විශේෂිත පිහිටීමට හේතු වී ඇත්තේ පෘථිවිය නිර්මාණය වීමේදී ඇති වූ ගිලාබැසීමක් හෙවත් සුවිභේද නිම්නයක් වීමයි. අධික උෂ්ණත්වයක් පැවතීම නිසා ශීත සෘතුවේ වුවද මෙම ප‍්‍රදේශය සෑහෙන උෂ්ණත්වයකින් යුක්තය. විශාල ගැඹුරක පිහිටා තිබුණද, මුහුදු වෙරළට වාහනයකින් යාමට හැකිවීම මළ මුහුදු වෙරළෙහි තවත් විශේෂ ලක්‍ෂණයකි.මළ මුහුදෙහි ඇති කරදිය මිදී සෑදී ඇති රෝස සහ සුදු පැහැයට හුරු විශාල ලුණු කඳු සහ ටැම් ස්වභාවධර්මයේ තවත් අපූර්වතම නිර්මාණයකි. ඊශ‍්‍රායලයත් ජෝර්දානයත් මෙම ලුණු උපයෝගී කර ගනිමින් ඖෂධ වර්ග, විවිධ රසායනික ද්‍රව්‍ය, තීන්ත වර්ග සහ රසායනිත පොහොර නිෂ්පාදනය කරයි. පොටෑෂ්, බ්‍රෝමයිට් මැග්නීසියම් වැනි ඛනිජ වර්ග ද මෙම ලුණුවල අන්තර්ගතව ඇත.මළ මුහුද මෙම රටවල සංචාරක කර්මාන්තයටද විශාල වාසියක් ව ඇත. වසරක් පාසා විශාල සංචාරකයින් සංඛ්‍යාවක් මෙම ප‍්‍රදේශයට පැමිණෙන අතර මළ මුහුදෙහි නෑමට ප‍්‍රියකරති.මෙම ජලයෙහි සමේ රෝග, ස්වශන රෝග, වාතරෝග, සෙම් රෝග සහ විවිධ හන්දිපත් රෝග සුව කිරීමේ බලයක් ඇත. එමෙන්ම ලවණ මිශ‍්‍රිත මඩෙහි බැස සිටීමද විවිධ රෝග සඳහා ප‍්‍රතිකාර ක‍්‍රමයකි. ජෝර්දානයේ සහ ඊශ‍්‍රායලයේ හෝටල් කර්මාන්තයට මෙම සංචාරකයන් නිසා විශාල ආදායමක් ලැබේ.විශ්මිත මළ මුහුද කාන්තාරයෙහි බිහිවූ අමිල සම්පතක් බව දැන් ඔබට වැටහෙනු ඇත.
Thursday, June 2, 2011
හිටි ගමන් නැව් ගිල ගන්නා රහස හෙළි වේ
සාගරය ගැන අපි නොදන්නා තතු බොහෝය. ඇතැම් විටෙක එහි ප‍්‍රචණ්ඩකාරී වූත් බියකරු වූත් හැසිරීම පුදුම සහගතය. සාගරය පිළිබඳව මෙතෙක් සිදු කර තිබෙන පර්යේෂණවලට පවා අනාවරණය කර ගත නොහැකි වූ රහස් තතු මේ මහ සාගරය තුළ තවමත් සැඟ වී තිබේ.කෙසේ නමුත් නොසිතූ මොහොත අත්භූත ජනක ලෙස නැවක් ගිලා බැසීමේ සිදුවීමක් ගැන අසන්නට ලැබුණු විට ඊට හේතු වූ කාරණය සොයා යාමට සාගර පර්යේෂකයන් දැරූ ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් ලෙස මෙසේ යෝධ නැව් පවා මුහුදුබත් වීමට බලපෑ හැකි සුවිශේෂ හේතුවක් සොයා ගැනීමට සමත් වූ පුවතක් ගැන අසන්නට ලැබේ.ඉතාමත් ප‍්‍රචණ්ඩකාරී මෙන් ම විශාල ප‍්‍රදේශයක් කරා පැතිරුණු දැවැන්ත මුහුදු රළ විශේෂයක්් අභිරහස් ලෙස නැව් ගිල ගන්නා බව එම පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ.මෙම ප‍්‍රචණ්ඩකාරී මුහුදු රළ විශේෂය තට්ටු 10 ක විශාල ගොඩනැගිල්ලක් තරම් උසට ඉහළට මතු වන අතර, එය අති දැවැන්ත නැවක් වුණද ගිල්ල විය හැකිය.මෙය හෙළිදරව් වී ඇත්තේ යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය(European Space Agency - ESA)නම් ආයතනයේ චන්ද්‍රිකා මගින් පෙන්නුම් කළ තොරතුරුවලිනි.
2000 වසරේ දෙසැම්බර් මාසයේ දී යුරෝපා සංගමය කරන ලද විද්‍යාත්මක ව්‍යාපෘතිවල කොටසක් හැටියට එම ඒජන්සියේ චන්ද්‍රිකා මගින් ලබාදුන් තොරතුරුවලට අනුව මෙම මුහුදු රළ පිළිබඳව පැවැති නාවික මිත්‍යා මත බැහැර කිරීමට සිදු වී තිබේ.මෙම බිහිසුණු මුහුදු රළ පිළිබඳව 2001 වර්ෂයේ දී සිදු කරන ලද පර්යේෂණ වල දී සති තුනකදී ලැබුණු දත්ත මඟින් පෙනී ගොස් ඇත්තේ එනම්, ඒවා මීටර් 25 (අඩි 80 ක්) උසට එසැවෙන ගෝලාකාර ස්වරූපයක් ගන්නා බවයි.යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය කරන්නේ මෙම දැවැන්ත මුහුදු රළ අවුරුදු 10,000 කට වරක් හට ගන්නා බවට, විද්‍යාඥයන් විශ්වාස කරන බවය. එහෙත් ජර්මනියේ ට්ම්ඉඉ පර්යේෂණ මධ්‍යස්ථානයේ වාල්ෆ්ගැන්ග් රොතෙන්සල් පවසන්නේ මෙම දැවැන්ත මුහුදු රළ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීමට අවශ්‍ය බවයි.යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය ප‍්‍රකාශ කරන ආකාරයට පසුගිය දශක දෙක තුළ මීටර් 200 කට (අඩි 650) ක් වඩා විශාල නැව් සහ කන්ටේනර් නැව් ගණනාවක් සාගර මධ්‍යයේ දී අනතුරට ලක් වී ඇත. එහෙයින් මෙම සිදුවීම්වලට මේ බිහිසුණු මුහුදු රළ බලපාන්නට ඇති බවට විශ්වාස කළ හැකි බව ඔවුහු තවදුරටත් ප‍්‍රකාශ කර සිටිති.මෙම අති බිහිසුණු රළවලින් සිදුවිය හැකි නාවික අනතුරු අවම කර ගැනීම සඳහා දැනටමත් යම් යම් උපාය මාර්ග හා පිළියම් යොදා ඇති බව එම එජන්සිය පෙන්වා දෙයි. අද නිපදවන විශාල නැව්වල බඳ වටා මීටර් 15 කට වඩා උසට තට්ටු සාදා එමගින් නැවට ආරක්‍ෂාව සැලසීම ඉන් එක් උපාය මාර්ගයකි.

නියමුවන් රහිත ගුවන් යානා
මිනිසාටත් උඩු ගුවනේ පියාසර කළ හැකි බව මුලින් ම පෙන්වා දෙන ලද්දේ රයිට් සහෝදරයන් විසිනි. එසේ වුවත් එයට හරියට ම ශත වර්ෂයකට පසුව නියමුවන් රහිත අනාගත ගුවන් යානා දෙස දැන් අපි බලා සිටින්නෙමු. තාක්‍ෂණය කෙතරම් විස්මිත ලෙසින් මිනිසා ග‍්‍රහණය කරගන්නේ ද යන්නට එය එක් උදාහරණයක් පමණි.මේ වන විට ලෝකය තුළ නියමුවන් රහිත ගුවන් යානා භාවිතය අරුමයක් නොවේ. නියමුවන් රහිත ගුවන් යානා (Uninhabited Aerial Vehicles - UAV) යුද කටයුතු සඳහා මෙන් ම අනෙකුත් සමාජ සංවිධාන හා සම්බන්ධ කි‍්‍රයාවලීන් සඳහා ද යොදා ගනු ලැබේ. එවැනි ගුවන් යානා බොහෝ විට නියමුවන් රහිතව යවන්නේ ඇතැම් අවස්ථාවල ඇතිවිය හැකි අනතුරුදායක ස්වභාවය හේතු කරගෙනය.මෙවැනි ගුවන් යානා දැනටමත් යුදමය වශයෙන් මැදපෙරදිග රටවල භාවිත කර ඇති අතර, එහිදී සතුරු ඉලක්කයන්ට බෝම්බ හෙළීම,, සැක කටයුතු ස්ථාන පොළොව මට්ටමෙන් අඩි දහස් ගණනක උසක සිට ඡායාරූප ගතකිරීම හා මාර්ගවල යනෙන රථවාහන නිරීක්‍ෂණය කිරීම වැනි කටයුතු සඳහා යොදා ගැනේ.සමහර විචාරකයන් පවසන පරිදි, මෙළොව මිනිසුන් සහිතව භාවිතව කරනු ලබන අවසන්ප‍්‍රහාරක ගුවන් යානා විශේෂය අධිතාක්‍ෂණික ජ් - 35 ප‍්‍රහාරක යානා විය හැකිය. තවත් සමහරුන් පවසන්නේ අවම වශයෙන් මෙම නියමුවන් රහිත ගුවන් යානා, රසායනික හෝ ජෛව විද්‍යාත්මක අවි හේතුවෙන් පරිසරයට එකතු වී ඇති අහිතකර රසායනිකයන් පිළිබඳ සෙවීම වැනි අනතුරුදායක කටයුතු සඳහා යෙදවිය හැකි බවයි.
එම වාහන හෝ ගුවන් යානාවල පැවැත්ම පිළිබඳ ගැටලුවක් නොමැති වුවත් නාගරික ප‍්‍රදේශවල භාවිත කිරීමේ දී මහජන ආරක්‍ෂාව, අධික වියදම සහ ප‍්‍රහාරක ගුවන් යානාවලට වඩා වැඩියෙන් අනතුරට ලක්වීමේ ඇති හැකියාව යන කරුණු සම්බන්ධයෙන් ගැටලු පැන නැඟී තිබේ.මෙයට අමතරව මෙම උපකරණ සඳහා ඉතා විශාල දත්ත සම්පේර්ෂණ පරාසයක් අවශ්‍යය. එනිසා නවීන තාක්‍ෂණය ආධාරයෙන් මෙයට පිළියමක් යොදනතුරු ඬයමුවන් රහිත වාහන සහ ගුවන් යානාවල භාවිතය යම් තරමක් දුරට සීමා කිරීමට සිදුව ඇත. වැඩිදෙනකු වෙතින් බිය පළ වී ඇත්තේ, මහාමාර්ග හා වාහන තදබද නිරීක්‍ෂණ කටයුතු සඳහා නියමුවන් රහිත ගුවන් යානා යොදා ගැනීමේදී මහජනතාවගේ ආරක්‍ෂාව තහවුරු වනවාද යන්න පිළිබඳවයි.මෙවැනි නියමුවන් රහිත ගුවන් යානා පළමුවෙන්ම භාවිත කරන ලද්දේ වියට්නාම් යුද්ධයේ දී ය. එහෙත් එයට වඩා පියවර ගණනාවක් ඉදිරියට යාමට නූතන තාක්‍ෂණය සමත් වී ඇත.ජාලකරණ තාක්‍ෂණය සහ දත්ත සම්ප්‍රෙෂණ පරාසය පුළුල්වීමත් සමඟ ම මෙම නියමු රහිත ගුවන් යානාවන්ට එකවිට ස්ථාන කිහිපයක් සමග තොරතුරු හුවමාරු කරගැනීමටත්, තමන් සිටින ස්ථානය පිළිබඳව තොරතුරු සැපයීමටත්, ඡායාරූප ලබාදීමටත් හැකියාව ලැබී ඇත. මෙම තාක්‍ෂණික දියුණුව නිසාඔ - 45 වැනි ඉතා නිරවද්‍ය බෝම්බ ප‍්‍රහාර එල්ල කළ හැකි නියමුවන් රහිත යුද ගුවන් යානා නිපදවීමටත් අද ඇතැම් රටවල් සමත්වී ඇත. මෙම යානාවලට අදාළ කාර්යය පිළිබඳ මහ පොළොව මතදී උපදෙස් ලබාදීමට හැකි අතර ගුවන්ගත කර ඇති විටදීත් අවශ්‍ය අවස්ථාවලදීත් එම උපදෙස් වෙනස් කිරීමේ හැකියාව පාලනය කරන්නා සතුව ඇත.ග්ලෝබල් හෝක් වැනි නියමුවන් රහිත ගුවන් යානාවලට වළාකුළු ගහණ අහසක් හෝ වැලි කුණාටුවක් තුළින් විනිවිද ගොස් අවශ්‍ය නිරීක්‍ෂණ කටයුතු සිදු කළ හැකි අතර, අනෙකුත් කුඩා ගුවන් යානාවලට සවිකර ඇති ප‍්‍රබල කැමරා මගින් අඩි දහස් ගණන උසක සිට පොළොව මතුපිට ඇති හෙල්මටයක් හෝ තොප්පියක් වැනි කුඩා වස්තුවක් වුවද ඡායාරූපගත කළ හැකිය. තවද මෙම ගුවන් යානාවන්ට වැඩි කාලයක් ගුවන්ගත වී සිටීමේ හැකියාව ඇත. උදාහරණයක් වශයෙන්ට්දචබ 750 නම් යානයට පැය 48 ක් අඛණ්ඩව ගුවනේ රැඳී සිටිය හැකි අතර අඩි 26,250 ක් උසක් දක්වා ඉහළට ගමන් කළ හැකිය.
කැලිෆෝනියා මිදි වගාවට ඉහළ අහසෙ හිම පතනය පිළිබඳ නිරීක්‍ෂණ කටයුතු සිදුකිරීම සඳහා සහ එක්සත් ජනපද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ලැව්ගිනි පිළිබඳ නිරීක්‍ෂණය කටයුතු මෙහෙයවීම පිණිස අද වන විට මෙබඳු නියමු රහිත ගුවන් යානා යොදාගනු ලැබ ඇත. ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල් අනවසර සංක‍්‍රමණිකයන් සහ මත්ද්‍රව්‍ය ගෙන්වන්නන් සම්බන්ධ නිරීක්‍ෂණ කටයුතු සඳහා ද මේවා යොදා ගනිමින් සිටිති.කෙතරම් ප‍්‍රයෝජන ඇතත්, නියමුවන් රහිත යානා සම්බන්ධව අද වන විට තරමක ගැටලු මතුවී තිබේ. එවැනි ගැටලුවක් වන්නේ එම යානාවල ඇති අධික මිලයි.එමෙන්ම එම යානාවන් හි කඩා වැටීමේ හෝ අනතුරට ලක්වීමේ ප‍්‍රතිශතය ද අධිකය.නියමුවන් සහිත ගුවන් යානයකට වඩා එහි කඩාවැටීමේ අවදානම සියයට පණහකින් පමණ වැඩිය.මෙම යානා සම්බන්ධව මතු වී ඇති ඇති තවත් ගැටලුවක් වන්නේ ඒවාට මගී ගුවන් යානා සමග කෙතරම් හොඳින් සන්නිවේදනය කළ හැකිද යන්නයි. පසුගිය අගෝස්තු මාසයේ දී ග්ලෝබල් හෝක් යානයන්ට සාමාන්‍ය අවකාශය තුළ පියාසර කිරීමට අවසර ලබාදුන් නමුත් සාමාන්‍ය මගී ගුවන් යානා ගමන් කරන මාර්ගවලට අඩි දහස් ගණනක් උසින් පියාසර කළ යුතු බවට නීති පනවා ඇත. කෙසේ වෙතත්, යුද හා වෙනත් අවශ්‍යතා සඳහා මෙම යානා නිෂ්පාදනය දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතී. නුදුරු අනාගතයේදීම මෙම යානා ලොව ඕනෑම ගුවන් තොටුපොළකදී දක්නට ලැබෙනු ඇති බවට දැනටමත් අනාවැකි පළ වී තිබේ.
රොයිටර් ඇසුරිනි
උණුසුම හඳුනන අව් කණ්ණාඩිය
අප සිරුරේ උෂ්ණත්වය, පැවතිය යුතු නියමිත අගයේ ම සැම විට ම පවතී නම් එය අපගේ නිරෝගී බව අඟවන හොඳම සාධකයයි.එහෙත් එම තත්ත්වය වෙන්ස් වන අවස්ථාත් ඇතැම් විට එළඹෙන බව අප කවුරුත් දන්නා කරුණක්. උණ වැනි රෝගයක් වැළඳීම, කී‍්‍රඩා කරන විට ශරීර උෂ්ණත්වය ඉහළ යාම හා අධික ඩහදිය දැමීම හේතුවෙන් සිරුර වියළි තත්ත්වයට පත්වීම මෙයට හේතු වශයෙන් දක්විය හැකියි.මෙවැනි අනතුරුදායක තත්ත්වයන් ඇතිවීම පාලනය කළ හැකි ක‍්‍රමයක් දැන් යේල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මාක් ඇබෘ විසින් සොයාගනු ලැබ ඇත. මේ නවතම ක‍්‍රමයට අනුව පුද්ගලයකු විසින් පැළඳ සිටිනු ලබන අව් කණ්ණාඩි යුගලක් ඔහුගේ සිරුරේ උෂ්ණත්වය මැන බැලීම සඳහා උපයෝගී කරගනු ලැබේ.මේ අව්කණ්ණාඩි මඟින් සිරුරේ උෂ්ණත්වය මැන බැලීමේ ක‍්‍රමය වඩාත් වැදගත් වන්නේ කය වෙහෙසා ශාරීරික අභ්‍යාසයන්හි යෙදෙන කී‍්‍රඩකයන්ට බවයි, එහි නිර්මාතෘ ආචාර්ය මාක් ඇබෘ පවසන්නේ වයර් ආදියෙහි සම්බන්ධයක් නොමැතිව ස්වයංකි‍්‍රය ලෙස කි‍්‍රයාකරන මේ අපුරු උපකරණය මඟින් එය පැළැද සිටින්නාගේ ශරීර උෂ්ණත්වය නිරන්තරයෙන්ම සටහන් කර ගැනීම සිදුවෙයි. එසේ සටහන් කරගනු ලබන උෂ්ණත්වය, නියමිත අගයට වඩා වෙනස් වූ විට අදාළ පුද්ලයාට ඒ බව දැන ගැනීමට සංඥාවක් නිකුත් කිරීම සිදුවේ.
ක‍්‍රීඩකයන්ට මෙය වඩාත් වැදගත් වන්නේ ඩහදිය දැමීමෙන් හෝ වෙනත් හේතුවක් නිසා තම සිරුරේ උෂ්ණත්වය වැඩි වූ විට, එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජලය පානය කිරීමට හෝ නිවැරැදි ප‍්‍රතිකාරයක් ගැනීමට හෝ මෙමගින් මඟ පෙන්වන නිසායි.ආචාර්ය මාක් පවසා සිටින පරිදි මෙම නවතම අව් කණ්ණාඩිය මඟින් උෂ්ණත්වය මැන බලන්නේ මිනිස් සිරුරේ ඉතා සියුම් සමක් පවතින ඇස් හා නාසය අවට ප‍්‍රදේශයේයි. වැඩිපුරම ආලෝක ශක්තියක් සිරුර වෙත ග‍්‍රහණය කරගනු ලබන හා වඩාත් සියුම් සමක් සහිත මෙම ඇස් හා නාසය අවට ප‍්‍රදේශය මිනිස් මොළයේ තාපය ගබඩා කරන මධ්‍යස්ථානය හා සම්බන්ධ වන බවයි ඔහු වැඩිදුරත් පවසන්නේ.ඒ අනුව තාපසංවේදී වැඩි දියුණු කරන ලද අව් කණ්ණාඩි යුගලක් මගින් ශාරීරික උෂ්ණත්වය මැන බැලීමේ මේ අලුත් ක‍්‍රමය ඉතා සාර්ථක වන්නක් බවයි විශේෂඥයන් පවසන්නේ.මේ වන විටත් මෙම අලුත් උපකරණය වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමට සිංගප්පූරුවේ ප‍්‍රමුඛ පෙළෙ තාක්ෂණ සමාගමක් ඉදිරිපත් වී සිටියි. ඔවුන් මෙම නවතම තාක්ෂණය වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන්නේ ‘ටෙම්ප් ඇලර්ට්’ (Temp Alert) යන වෙළෙඳ නාමය යටතේයි.තවද මෙම ටෙම්ප් ඇලර්ටි වෙළෙඳ නාමය යටතේ නිෂ්පාදනය වන අව්කණ්ණාඩි තවත් විශේෂ කටයුත්තක් සිදු කළ හැකි වන ලෙසට වැඩි දියුණු කර ඇත. එනම් පසුගිය කාලයේ රටවල් 30 ක පමණ ඉතා ශීඝ‍්‍රයෙන් පැතිර ගිය මාරාන්තික සාර්ස් වෛරසය (Severe Acute Respiratory Syndrome) හඳුනා ගැනීමටත් මෙම නවතම උපකරණයට හැකිවාක් තිබීමය.මේ අනුව බලන විට ශරීර උෂ්ණත්වය මනින මෙම අලුත්ම අව් කණ්ණාඩි සඟයා රෝග හඳුනාගැනීමට උපකාරවන වෛද්‍යවරයකු ලෙස ද අප අතට පැමිණෙන දිනය වැඩි ඈතක නොවනු ඇත.

නිව්ටන්ගේ නියම තුනම වැරැදි බව ශ‍්‍රී ලාංකික විද්‍යාඥයෙක් කියයි
ශ්‍රීමත් අයිසැක් නිව්ටන් කි‍්‍ර. ව. 1642 සිට 1727 දක්වා කාලය අතරතුර බි‍්‍රතාන්‍යයේ ජීවත් විය. සුප‍්‍රසිද්ධ ‘ඇපල් ගෙඩියේ කතාව‘ නිසා පාසල් යන කුඩා දරුවන්ට වුව ද ඔහුගේ නම හොඳින් හුරු පුරුදු ය.නිව්ටන් තමන්ට අයත් ඇපල් වත්තක වාඩි වී සිටියේ ය. හදිසියේ ම ගසකින් ඇපල් ගෙඩියක් බිමට වැටෙනු දැක, ඒ ඔස්සේ කල්පනා කරමින් ගුරුත්වාකර්ෂණ න්‍යාය ලොවට හඳුන්වාදීමට තරම් හේ තියුණු පරිකල්ථනා ශක්තියක් ඇත්තකු විය.
එසේ ම විශ්වයේ කොතැනක හෝ පවතින වස්තුවක සිදුවිය හැකි චලිතයේ ස්වභාව විස්තර කැරෙන නියමයන් තුනක් ද නිව්ටන් විසින් ඉදිරිපත් කරන ලදී. අප කවුරුත් දන්නා “ඕනෑම කි‍්‍රයාවකට සමාන හා ප‍්‍රතිවිරුද්ධ වූ ප‍්‍රතික‍්‍රියාවක් ඇත.’ යන නියමය නිව්ටන් ගේ එම නියමයන් තුනෙහි තෙවැන්නයි.කීර්තිමත් විද්‍යාඥ අයිසැක් නිව්ටන් ගැන පවසමින් අප මේ සූදානම් වන්නේ ඔහු පිළිබඳ අතීත පුනරාවර්ජනයක යෙදීමට යැයි දැන් ඔබට හැඟියාමට ඉඩ ඇත. නැත, අප මේ කතා කරන්නට සැරසෙන්නේ ඔහු පිළිබඳ නොව, දීර්ඝ කාලයක් පුරා සිදුකරන ලද භෞතික විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ අයිසැක් නිව්ටන් ගේ සොයා ගැනීම් ද අභියෝගයට ලක් කරන්නට සමත්ව සිටින අප රටේ ම විද්‍යා පර්යේෂකයකු ගැන ය. ඔහු නමින් කේ. ඒ. ඩී. වංශරත්නයි. නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ නියමය මෙන් ම වස්තුන් ගේ චලිතය පිළිබඳ වන නියමයන් තුනම සදොස් බව වංශරත්න මහතා එක එල්ලේ ප‍්‍රකාශ කර සිටියි.ඔහු විසින් පැහැදිලි කරනු ලබන අන්දමට නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය මෙන් ම චලිතය පිළිබඳ වන නියමයන් ද අදාළ වන්නේ අපගේ එදිනෙදා ජීවිතයට අදාළ වන භෞතික සිදුවීම් සඳහා පමණි. සූර්ය කේන්ද්‍රික රාමුවෙන් ඔබ්බට විහිද නොයන එම නියමයන් යොදා ගනිමින් ;සෟරග‍්‍රහ මණ්ඩලයෙන් පිට ඇති වෙනත් ග‍්‍රහවස්තුවල චලිතය සම්බන්ධව ගණනය කිරීම් සිදුකිරීම් සම්පූර්ණයෙන් ම සදොස් කටයුත්තකි.
නිව්ටන් ගේ මුළාවකෙසේ නමුත් මේ වන විටත් අප, අපගේ දැනුම් සීමාවේ පවතින කවර හෝ වස්තුවක චලිතය විස්තර කිරීම සඳහා යොදාගන්නේ නිව්ටෝනියානු භෞතික විද්‍යාවයි. නිව්ටන් ගේ නියමයන් පදනම් කරගනිමින් ගොඩනැඟුණු සූත‍්‍ර සහ සමීකරණ බොහොමයක් අපි මේ සඳහා උපයෝගී කර ගනිමින් සිටින්නෙමු. පොළොව මත පවතින වස්තුවක චලිතයේ පටන් ඈත දුරින් පිහිටි ග‍්‍රහ තාරකාවල චලිතයේ ස්වභාව විස්තර කිරීම දක්වා මෙම සමීකරණවල යොදාගැනීම පුළුල් පරාසයක පැතිර තිබේ’එබැවින් යම් හෙයකින් වංශරත්න මහතා පවසන ආකාරයේ දොසක් නිව්ටන් ගේ නියමයන් තුළ අන්තර්ගත වේ නම් ග‍්‍රහවස්තුවල චලිතය පිළිබඳ මෙතෙක් අප විසින් සිදුකරණ ලද ගණනය කිරීම බොහොමයක් ම හුදෙක් මුළාවක් පමණක් වනු ඇත. ඒ අනුව විශ්වයේ පවතින වස්තුවල චලිතය පිළිබඳ මෙතෙක් අප බැසගෙන සිටින නිගමනවලින් සෑහෙන ප‍්‍රමාණයක් ද බිඳ වැටීමට ඉඩ තිබේ.දැන් අපි වංශරත්න මහතා පවසන මෙම කාරණය උදාහරණයක් අනුසාරයෙන් පැහැදිලි කර ගැනීමට උත්සහ කරමු.
ටෙනිස් බෝලයේ චලිතය ඒ සඳහා ඔබත් මාත් දුම්රියක ගමන් කරමින් සිටින්නේ යැයි මඳකට උපකල්පනය කරන්න. එසේ ගමන් කරන අතරතුර මම ඔබට කුඩා ටෙනිස් බෝලයක් ගුවනින් එවන්නෙමි. මට දුරින්, එහෙත් දුම්රිය තුළම සිටින ඔබ විසින් එය අල්ලාගනු ලබන්නේ ය. දැන් මා විමසා සිටින්නේ මා ඔබ වෙතට එවූ බෝලය ගමන් ගත් ප‍්‍රවේගය කුමක් ද යන්නයි.ඔබේත් මගේත් ලෝකය දුම්රිය තුළට පමණක් සීමා වී පැවැතියේ නම් අප බෝලයේ ප‍්‍රවේගය ලෙස ගණනය කරනු ලබන අගය නියත වශයෙන්ම බැඳී පවතින්නේ දුම්රියේ චලිතය සමඟ පමණි. එනම් අප ගණනය කරන්නේ දුම්රියට සාපේක්ෂව බෝලයේ ප‍්‍රවේගයයි.එහෙත් දුම්රිය පොළොව මත ගමන් කරන බව (චලනය වෙමින් තිබෙන බව) අපි දනිමු. එබැවින් දුම්රියට සාපේක්ෂව බෝලය ලබාගත් ප‍්‍රවේගය උපයෝගී කරගෙන අපි එහි සත්‍ය ප‍්‍රවේගය ලෙස පොළොවට සාපේක්ෂව බෝලයේ ප‍්‍රවේගය ගණනය කරමු. එසේ වුණත් පෘථිවිය පවතින්නේ ද නොනවතින චලිතයක (භ‍්‍රමණ සහ පරිභ‍්‍රමණයක) නිරත වෙමින් බව අප අමතක කළ යුතු නැත. ඒ අනුව පෘථිවියේ චලිතය නොසලකා, පෘථිවියට සාපේක්ෂව මුලින් සඳහන් කළ ආකාරයේ ට බෝලයේ ප‍්‍රවේගය සෙවීම වැනි ගණනය කිරීම් සිදු කිරීම නිවැරැදි වන්නේ අප ගේ ලෝකය පෘථිවියට සීමා වී ඇති තාක් පමණි.එයින් ඔබ්බට ගිය කල මේ ගණනය කිරීම් සියල්ලක්ම පාහේ එහෙම පිටින් ම වැරැදියි. එසේ ම ඒ සඳහා උපයෝගී කරගත් සියලු සමීකරණ සහ නියතයන් ද නිශ්ප‍්‍රභ වන්නේ ය. වෙනත් ග‍්‍රහලෝක සම්බන්ධ කරගත් විශ්වීය ගණනය කිරීම්වල දි නිව්ටෝනියානු භෞතික විද්‍යාවෙන් අපට පිළිසරණක් නොලැබෙන්නේ එහෙයිනි. දුම්රිය තුළ වූ ලෝකයට කොටු වූ මගියකු ගේ විෂය පථය මෙන් නිව්ටන් ගේ නියමයන් තුළින් සිදුවන්නේ අපව හුදෙක් සූර්‍ය කේන්ද්‍රික රාමුවක් තුළට කොටු කිරීම පමණකි.වංශරත්න මහතාගේ මේ මතය ඔහු තහවුරු කරන්නේ නිව්ටන් ගේ සමීකරණයක් ආශ‍්‍රයෙන් ම ලබාගත් විසංවාදයක් ඇසුරෙනි.
දැන් අපි තවදුරටත් මෙබඳු ගණනය කිරීම් ගැන කතා කිරීම පසෙක තබා වංශරත්න මහතා ගැන මඳක් කතා කරමු.භෞතික විද්‍යාවේ විවිධ පුළුල් විෂය ක්ෂේත‍්‍ර පිළිබඳ දිර්ඝ කාලයක් පුරා මහත් කැපවීමෙන් පර්යේෂණවල නිරතව සිටින ඔහු මෑතකාලයේ දී මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදයේ පවතින අඩුපාඩු පිළිබඳ ද පෙන්වා දුන්නේ ය. මෙවර වංශරත්න මහතා නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂන න්‍යාය අභියෝගයට ලක් කරන්නේ නිව්ටන් ගේ ම ගණනය කිරීම් උපයෝගී කරගෙන වීම විශේෂත්වයකි. ඒ හැරෙන්නට එම නියමයේ සදොස් තැන්පර්යේෂණාත්මකව ඔප්පුකර පෙන්වීමට ද ඔහු සුදානමෙන් සිටියි.වෙනකක් තබා වස්තුවක් පොළොව දෙසට ආකර්ෂණය කරගනු ලබන ගුරුත්වාකර්ෂණ බලය එම වස්තුවේ ස්කන්ධය මත රඳාපවතින බව නිව්ටන් පවසද්දී, එය එසේ නොවන බවට, එනම් ගුරුත්වාකර්ෂණ බලය ස්කන්ධයෙන් ස්වායත්ත බවට ද වංශරත්න මහතා කරුණු ඉදිරිපත් කරයි.ඔහුගේ මේ අදහස් දැඩි සේ විවාදයට තුඩුදිය හැකි කාරණා බව නම් නොකිවමනාය. එබැවින් එම නිගමනයන් පුළුල් ව විවාදයකට බඳුන් කිරීම සඳහා ඉදිරිපත් වීම අපගේ සරසවිවල ආචාර්ය, මහාචාර්යවරුන්ගේ සහ වෙනත් පර්යේෂකයන්ගේ වගකීමකි. ඒ අනුව වංශරත්න මහතාගේ මතයේ සත්‍ය බව සනාථ වුවහොත්, ඔහු ගේපර්යේෂණ සෙසු ලෝකය ඉදිරියට ගෙනයාම සඳහා සහාය දීමත්, ඔහුට හිමි නිසි ගෞරවය ලබාදීමට කටයුතු කිරීමත් මෙරට රජය සතු වගකීමක් වන බවට ද විවාදයක් නැත.

කළු පෙට්ටිය
ලෝකයේ පළමු ජෙට් එයාර් ගුවන් අනතුර 1953 දී සිදුවු අතර එය සිදුවු අන්දම කියන්නට කිසිවකුත් ඉතිරිව සිටියේ නැත.මේ ගැන විමර්ශණය කරමින් අයකු 1956 දී සිය සියළු දැනුම එක් කොට කඩා වැටෙන ගුවන් යානයක ගුවන් නියමුවන්ගේත්,ගුවන් යානයේත් බිහිසුණු අවසානයේ කතා තොරතුරු ඉබේම රැස් වන ගුවන් යානා තොරතුරු රෙකෝඩරය ( FDR – Flight Data Recorder නැතිනම් CVR – Cock Pit Voice Recorder )කොහෝම කිවුවත් අපි දන්න නම..... “කළු පෙට්ටිය”නිම වන ලදි.
“කළු පෙට්ටිය” කියා කියුවත් මෙය උපතින්ම තැඹිලි පාට කුඩා පෙටිටියකි.මේ පෙටිටිය කෙතරම් ශක්තිමත් ද දන්නවද?කාලතුවක්කුවක දමා කොන්ක්රීනට් බිත්තියකට වෙඩි තැබුවත් කිසිදු හානියක් නැත...ඒ වගේම සෙන්ටිගේඩ් අංශක 1000 ක උණුසුමක ගිනි ගන්නා තැනක එය තිබුනත්,අඩි 20000 ක් ගැඹුරු මුහුදු පතුලක මාස ගණනක් තිබුනත් මේ කළු පෙට්ටිාය ක්රි,යා විරහිත කිරිමට නොහැක.මේ තැඹිලි පාට කුඩා පෙටිටිය ගුවන් අනතුරකට පසු සොයා ගන්නා විට එය කළු පාට වෙන නිසා කවුරුත් ඒකට “කළු පෙට්ටිය” කියා කියයි.
මුල් කාලයේදී “කළු පෙට්ටියෙන්” ගුවන් නියමු කටහඩ, අනතුර සිදුවද්දී ගුවන් යානය ගමන් කල උස සහ වේගය, ගමන් කල වේගය, ගමන් කල දිශාව හා රේඩියෝ සංවාද සියල්ල මේ තුල තිබු ටේප් වල රෙකෝඩ් වුනත් දැන් ඒ සදහා පරිගණක හාඩ් ඩිස්ක් ආදිය යොදා ගනී.
ගුවන් අනතුරක් යනු ජිවිත විශාල ගණනාවකට මරු කැදවන බැවින් ගුවන් අනතුරක් තවත් එක් ගුවන් අනතුරක් කියා අ ත්හැර දමන්නක් නොවේ. එයට හේතු වු කරුණු දැන එමගින් තවත් ගුවන්අනතුරක් වලක්වන්නට මේ “කළු පෙට්ටිය” මනා වු සේවයක් ඉටු කරයි. මේ මනා වු සේවයක් ඉටු කරන “කළු පෙට්ටිය” අවුරුදු 3 ක් වෙහෙස වී සාදනු ලැබුවේ නම් ඕස්ට්රෙවලියානු සිඩ්නි විශ්ව විද්යාපලයෙන් ගගන යානා පිළිබඳ උපාධිය ලැබු ඕස්ට්රේනලියානු ගගන යානා පරීයේෂණ ආයතනයේ විද්යාදඥයකු වු ඩේවිඩ් වොරන් විසිනි.
ඔහු එය නිපදවුයේ ගුවන් ගමනක අවසානයේ සිදුවු දේ දැනගත හැකි නම් තවත් ගුවන් අනතුරකට තිත තැබිය හැකිය යන්න තේරුම් ගැනීමත් සමගය.මේ සෑම “කළු පෙට්ටියකම” ඊටම පමණක් වෙන්වු වගන්තියක් ඇත.
එනම්, “ගුවන් ගමන් විස්තර, විවෘත නොකරන්න” (Flight Recorder; Do not Open) යන්න යි.
“කළු පෙට්ටිය” සොයගන්නා ලද ඕස්ට්රෙයලියානු විද්යාවඥ ඩේවිඩ් වොරන් පසුගිය ජුලි 19 (2010 ජුලි 19 වැනිදා)අවුරුදු 85 ක්ව සිටියදී අවසන් ගමන් ගිය අතර , ඔහු මිහිදන් කල පෙට්ටියේ ඔහුගේ ඉටුකල සේවයට ගෞරවයක් වශයෙන් එක් වගන්තියක් ලියා තිබුණි.
එනම්, (Flight RecorderInventor ; Do not Open) යන්නයි.

සුපිරි වීරයා සුපර් මෑන්
සුපර් මෑන් පිළිබඳ විමසීමේදී එහි අතීත කතාව ඉතා රසවත් එකක් බව හෙළි වේ. ජෙරී සීගල් සහ ජෝ සූස්ටර් යන දෙදෙනා විසින් 1933 දී ප‍්‍රථම වරට “සූපර් මෑන්” චරිතය එළි දක්වන ලදී. නමුත් මුල් අවදියේ මෙම සූපර්මෑන් හට කිසිඳු යහපත් ප‍්‍රතිචාරයක් පේ‍්‍රක්‍ෂකයින් ගෙන් නොලැබූණි. එයට හේතුව “සුපර් මෑන් “ දුෂ්ඨ චරිතයක් වීමයි.ජනතාවට හිංසා පීඩා කරන, තමා සතු සුපිරි බලයෙන් අයුතු ප‍්‍රයෝජන ගන්නා වූ පූද්ගලයකු ලෙස මූල් අවදියේදී “සුපර් මෑන්” ප‍්‍රචලිත විය.නමුත් මෙම නපුරු ගති ගුණ ඇති “සූපර් මෑන්” හට එතරම් රසික ප‍්‍රසාදයක් නොලැබූණ හෙයින් 1934 පමණ දී එය පුවත් පතක තීරුවක් පමණක් ලෙස පළ විය.
එනිසාම නැවතත් සුපිරිවීරයාට නව පණක් ලබා දීමේ අරමුණින් මෙය නව මුහුණු වරකින් ඉදිරිපත් කිරීමට ජෙරී සිගල් සහ ජෝසුස්ටර් කටයුතු කරන ලදී.ඒ අනුව තමා සතු සූපිරි බලයෙන් හොඳ දේ පමණක් සිදු කරන, දුප්පත් අසරණ මිනිසුන්ට උදව් කරන, නරක මිනිසුන්ට දඬුවම් දෙන අපුරු චරිතයක් ලෙස 1938 දී නැවත සුපර් මෑන් එළි දක්වන ලදී.නිල් පැහැති තමාටම ආවේණික අඳුමකින් සැරසී රතු පැහැති ලෝගුවක් කරවටා පැළඳ ඉතා වේගයෙන් ගුවනේ පාවී යන මෙම අලුත්ම චරිතය පේර්ක්ෂක සිත දිනා ගැනීමට එතරම් කලක් ගත නොවීය. මෙය මූලින්ම නිර්මාණය වූයේ වැඩි හිටි පුද්ගලයන්ගේ සිතට අනුව සැක සුන චරිතයක් ලෙස වූවද වැඩි කලක් නොගොස් සූපර් මෑන් කුඩා දරුවන්ගේ සිහින ලොව වීරයා විය. එහි ප‍්‍රතිපලයක් ලෙස සූපර් මෑන්ගේ වීර කි‍්‍රයා අනුගමනය කිරීමට ගොස් අනතුරු සිදුකරගත් කුඩා දරුවන් රෝහල් ගත කිරීමට පවා සිදු වී ඇත. එහෙත් කල් යත්ම සූපර් මෑන් ගේ සුපිරි බලය ඔහුටම පමණක් ආවේණික වූ බව වටහා ගත් කුඩා දරුවන් සූපර් මෑන් මෙන් සැරසී සිටීමට හෝ කැමැත්තක් දැක් වීය.
ඒ කෙසේ වෙතත් 1938 දී ඇක්‍ෂන් කොමික්ස් Action Comics නම් චිත‍්‍ර කතා සඟරාව තුළින් “සුපර් මෑන් “ පළමුවරට වීරයෙක් බවට පත්විය. එහි දී ලැබු ජනප‍්‍රියත්වය නිසාම 1941 දී මෙය කාටුන් චිත‍්‍රපටයක් ලෙස එළි දැක් විණි. එමෙන්ම ගුවන් විදුලි වැඩ සටහනක් ලෙසද “සූපර් මෑන්” කතා මාලාව ප‍්‍රචාරය විය.කාටුන් සූපර් මෑන්ට 1978 කාලයේදී සජීවී බවක් එකතු විය.
ඒ එම සුපිරි මිනිසාගේ චරිතයට පණපොවමින් “කි‍්‍රස්ටෝපර් රීව්” නම් රංගන ශිල්පියා රඟපෑමත් සමඟය. ඊට ප‍්‍රථම 1951 - 1957 කාලවකවානුවේ දී මෙම කතා මාලාව කොටස් 104 ක් ලෙස රූපවාහිනියේ විකාශනය විය. කි‍්‍රස්ටෝපර් රීව් රඟපෑ සූපර් මෑන් චිත‍්‍රපටියෙන් අනතුරුව 1993 දී පමණ “සූපර් මෑන්” චරිතය පසුබිම් කොට ටෙලිනාට්‍ය මාලාවක් ද නිපද විණි. එය “ලූවිස් ඇන්ඩ් ක්ලාක් “ ලෙස නම් කර තිබේ. මෙය සූපර් මෑන් හි ස්වර්ණමය යුගය ලෙස සැළකිය හැකිය. එය ලොකු - කුඩා - සියලු දෙනාම ඉතා කැමැත්තෙන් නැරඹු වැඩසටහන් පෙළක් බව ලොව පුරා කරන ලද සමීක්‍ෂණයකින් හෙළි විය.
මෙම සුපිරි වීරයා මිනිස් ලොව ආක‍්‍රමණය කිරීමට එතරම් කාලයක් නොගියා සේම ඔහුගේ රුව අඩංගු නිෂ්පාදන බිහිවීමට ද එතරම් කාලයක් නොගියේ ය. ඒඅනුව ස්ටිකර්,වීඩියෝ කී‍්‍රඩා, ඇඳුම්, පැළඳුම්, සෙල්ලම් බඩු, පිඟන් - කොප්ප ආදියට මොහුගේ රුව එකතු විය. ඉන් අනතුරුව සුපර් මෑන් රූපවාහිනි රසිකයින් පමණක් නොව “සූපර් මෑන්” විසිතුරු බඩු එකතු කිරීමේ පිරිසක් ද බිහි විය. ඇතැම් සංචාරකයින් විවිධ රටවලදී මිලදී ගන්නා “සූපර් මෑන් “ රුව අඩංගු බඩු භාණ්ඩ විනෝදයක් ලෙස එකතු කිරීමට පවා පෙළඹී ඇත. තවද මෙම භාණ්ඩ වලට වෙළෙඳපොලේ ද ඉහළ මිලක් නියම වී තිබූණි.කෙසේ වෙතත් “සූපර් මෑන්” කතා මාලාවේ අවසානය සිදු වන්නේ මේ සුපිරි මිනිසා හදිස්සි අනතුරකට ලක් වීමෙනුයි. එය ලොකු - පොඩි සූපර් මෑන් රසික රසිකාවියන්ගේ මහත් දොම්නසට හේතු විය. නමුත් තවමත් මෙම කාටුන් චරිතය මෙන්ම චිත‍්‍රපටි චරිතය ද පෙර මෙන් ජනපි‍්‍රයව පවතී. ඒ ඔහු විසින් සිදු කරනු ලබන වීර කි‍්‍රයාවන් හේතුවෙනි. කෙසේ වෙතත් කොතරම් සූපර් මෑන්ට කැමැත්තක් දැක්වූවද ඔහු විසින් සිදු කරනු ලබන වීර කි‍්‍රයා ඔහුට පමණක් ආවේණික කි‍්‍රයාවන් බව පුංචි ඔබ මතක තබාගත යුතු කරුණක් වන්නේ ය.

Subscribe to:
Posts (Atom)