.QOverlay { background-color: #000000; z-index: 9999; } .QLoader { background-color: #CCCCCC; height: 1px; } .QAmt { color:#FF530D; font-size:50px; font-weight:bold; line-height:50px; height:50px; width:100px; margin:-60px 0 0 -50px; }

Pages

Thursday, June 2, 2011

නිසි මගදැන දිවි ගෙවමු AIDS වලින් වැළකෙමු

ඒඩ්ස් (AIDS) මුළු ලොව හමුවේ පවතින බලවත් තර්ජනයකි. 2005 ජූනි මාසය වන විට HIV / AIDS ආසාදිතයන් ලොව පුරා මිලියන 39.4 ක් ජීවත්වන බව වර්තාගත වී තිබේ. රෝගය වැළඳීමෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව මිලියන 20 කි. අපි‍්‍රකානු රටවල (සහරාවට පහළින් ඇති ප‍්‍රදේශ) මිලියන 25.4 ක් ද, ආසියානු රටවල මිලියන 8.2 ක් ද ආසාදිතයන් බවට පත් වී ඇති බව සඳහන් වේ.ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සළකා බැලීමේදී 2005 සැප්තැම්බර් මාසය වන විට වාර්තාගත වී තිබෙන HIV ආසාදිතයන් ප‍්‍රමාණය 712 කි. එයින් ඒඩ්ස් තත්ත්වයට පත් වූ ආසාදිතයන් ප‍්‍රමාණය 200 කි. ඔවුන්ගෙන් මියගිය ප‍්‍රමාණය 139 කි. ළමා හා ළදරු ආසාදිතයන් 22 කි. පිරිමි හා කාන්තා අනුපාතිකය 1.4 : 1 කි. පිරිමි ආසාදිතයන් 417 කි. කාන්තා ආසාදිතයන් 295 කි.2004 වසරේදී එකතු වී තිබෙන අලුත් ආසාදිතයන් ප‍්‍රමාණය මිලියන 4.9 කි. ඔවුන්ගෙන් 50% ක්ම වයස අවුරුදු 15 - 24 අතර පසුවන්නෝ වෙති.මේ වයසේ පසුවන තරුණ පරපුර මේ අන්දමින් රෝගී තත්ත්වයට පත් වී තිබීම ඉතා කණගාටුදායකය. මේ තත්ත්වය පිටුදැකීමට හැකි ප‍්‍රබලම ක‍්‍රමය වන්නේ දැනුවත්භාවය ලබාදීම තුළින් රෝගය වැළැක්වීම හා පැතිරීම පාලනය කිරීමයි.ලොවටම බලපාන මෙම තර්ජනය හමුවේ අවදානම පිළිබඳව සමාජය දැනුවත් කිරීමත් ආසාදිතයන් සඳහා අවශ්‍ය සෙවා හා ප‍්‍රතිකාර නිසියාකාරව ලබාදීමත් ආසාදිතයන් කොන්කිරීමෙන් වැළකී සිටීමත් වැදගත් වෙයි.මුල්ම ඒඩ්ස් රෝගියා 1981 දී ඇමරිකාවෙන් සොයා ගනු ලැබිණ. ඒඩ්ස් වයිරසයක් මගින් බෝවන රෝගයකි. මෙම වයිරසය මිනිස් සිරුරට ඇතුළත් වී තිබෙන්නේ අපි‍්‍රකානු Green Monkies ගෙන් බවට මතයක් පවතී.මෙමගින් මිනිස් සිරුරේ ප‍්‍රතිශක්ති පද්ධතිය විනාශයට පත්කර මරණයට පත්කරන ආසාදිත තත්ත්වයක් ඇතිකරයි.AIDS - නතුකරගත් ප‍්‍රතිශක්ති ඌනතා සහලක්‍ෂණයHIV - මානව ප‍්‍රතිශක්ති ඌනතා වයිරසයවයිරසය ශරීරගත වී වසර කිහිපයක් හෝ රෝග ලක්‍ෂණ නොපෙන්වා සිරුර තුළ පැවතිය හැකිය. මෙවැනි පුද්ගලයන් සිතා සිටින්නේ තමන් සෞඛ්‍ය සම්පන්න බවයි. නමුත් ඔවුන්ගේ සිරුර තුළ වයිරසය පවතින බැවින් තමන් නොදැනුවත්වම රෝගය පතුරවමින් සිටී. රුධිර පරීක්‍ෂාවක් මගින් HIV ආසාදිත දැයි හඳුනාගත හැකිය.
රෝගය වැළඳීමෙන් වැළකෙන්නේ කෙසේ ද? එඩ්ස් රෝගය වැළඳෙන්නේ ආසාදිත පුද්ගලයකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙනි. මත් ද්‍රව්‍ය එන්නත් මගින් ලබාගන්නා අය ද රෝගයට ගොදුරු විය හැකිය.තරුණ පරපුර දැනුවත් විය යුතු වන්නේ තම ලිංගික සම්බන්ධතාවය එක් සහකරුවෙකුට හෝ සහකාරියකට සීමා කළ යුතු බවයි.
මේ අයුරින් බෝ නොවේආසාදිත පුද්ගලයන් හා සාමාන්‍ය පරිදි ඇසුරු කළ ද රෝගය බෝ වන්නේ නැත.* රෝගියකුට අතට අතදීමෙන්* සිප වැළඳ ගැනීමෙන්* ආසාදිත අයකු පාවිච්චි කළ පිඟන් කෝප්ප පාවිච්චි කිරීමෙන්* මදුරුවන්, මකුණන් දෂ්ඨ කිරීමෙන්* කැස්ස, කිවිසුම මගින්සාමාන්‍ය ජන ජීවිතයේ සිදුකරනු ලබන ඇසුරු කිරීම් මගින් රෝගය බෝ නොවන නිසා HIV ආසාදිතයකු සාමාන්‍ය පරිදි ඇසුරු කිරීමට බිය විය යුතු නැත. ළමා අවධියෙ සිටම අයහපත් පුරුදුවලින් වැළකී සුචරිතවත් දිවියක් ගත කිරීමෙන් ඔබේ තරුණ ජීවිතය නීරෝගීමත්ව ගතකිරීමට හැකිවේවි.

No comments:

Post a Comment