.QOverlay { background-color: #000000; z-index: 9999; } .QLoader { background-color: #CCCCCC; height: 1px; } .QAmt { color:#FF530D; font-size:50px; font-weight:bold; line-height:50px; height:50px; width:100px; margin:-60px 0 0 -50px; }

Pages

Wednesday, June 1, 2011

ෆේස් බුක් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මාක් සුකර්බර්ග්


ලොව ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස් බුක්හි සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මාක් සුකර්බර්ග් (Mark Zukerberg) ‘වසරේ මිනිසා’ ලෙස ජාත්‍යන්තර ටයිම් සඟරාව මඟින් නම් කර තිබේ. මේ ගෞරවය ඔහු ලැබුවේ ලොවට වැඩිම බලපෑමක් සිදුකළ ප්‍රධාන පෙළේ ලෝක පූජිත චරිත 25ක් අතරිනි.

මාක් සුකර්බර්ග් හට පරාජය වූ සෙසු 24 දෙනා අතර විකිලීක්ස් නිර්මාතෘ ජුලියස් අසාන්ජේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, සුපිරි ගායිකා ලේඩි ගාගා, ඇපල් පරිගණක සමාගමේ නිර්මාතෘ ස්ටීම් ජොබ්ස්, අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, රිපබ්ලිකන් විරුද්ධවාදිනිය සේරා පේලින්, හිටපු අමෙරිකානු කතා නායිකා නැන්සි පෙලෝසි, චීන මානව හිමිකම් ක්‍රියාකාරී නොබෙල් ත්‍යාගය සඳහා සුදුසුකම් ලැබූ ලියූ ක්සියාබෝ මෙන්ම චිලී ආකර කම්කරුවන් ද, රැකියා විරහිත අමෙරිකානුවා ද වූහ.



26 හැවිරිදි මාක් සුකර්බර්ග් තමන්ගේම ෆේස් බුක් වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබා ගන්නේ මිලියන 500 වැනි සාමාජිකයා වශයෙනි. එහෙත් ඔහු ලොව අංක එකේ ළාබාලතම කෝටිපතියා වේ. ‘ටයිම්’ සඟරාව ප්‍රකාශ කරන්නේ මෙම ගෞරවය ඔහුට ලැබීමට ප්‍රධාන හේතුවක් වූයේ වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමබරව පවත්වා ගෙන යන ආකාරය නිසා බවයි.

අතිශය ජනප්‍රිය වූ “ද සෝෂල් නෙට් වර්ක්” චිත්‍රපටය පදනම් වූයේ ද ඔහුගේ ජීවිතය සහ ෆේස් බුක් නිර්මාණය වු ආකාරය ඇතුළත් බෙන් මෙර්සිම් ලියූ “ද ඇක්සිඩන්ටල් බිලියනයර්ස්” (The Accidental Billionaires)ය. අද වන විට ෆේස් බුක් වෙබ් අඩවිය වෙතට ලෝකය කොතරම් ආකර්ෂණය වී තිබෙනවා දැයි කිවහොත් 2010 වර්ෂයේ එහි වටිනාකම ඩොලර් බිලියන 2ක් විය.

මාක් එලියට් සුකර්බර්ග් හාවඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ ෆේස් බුක් වෙබ් අඩවිය තැනුයේ පන්තියේ ඉගෙන ගත් තවත් මිතුරන් තිදෙනෙක් ද සමඟිනි. ඔහු මුලින් එය හැදුවේ විනෝදයට යැයි ඔහුගේ මිතුරෙක් කියයි. එය ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව සහ මනෝ විද්‍යාව හදාරමින් සිටි කාලයයි.



ඔහු දෙවැනි වසරේ සිටියදී “කෝස් මැච්” (Course Match) නමින් පරිගණක වැඩසටහන් නිර්මාණය කෙළේ ය. එයට පිවිසුණු විට සිසුන් සමඟ සාකච්ඡා කර තමන්ට වඩාත් ගැළපෙන අධ්‍යන පාඨමාලාව තෝරා ගැනීමට හැකි විය. මද කලකට පසු ෆේස් මෑෂ් (Face Mash) නමින් තවත් වැඩසටහනක් නිර්මාණය කෙළේ ය.

එය වෙන් වුණේ ඡායාරූප තරගයක් මඟින් හාවඩ් සරසවියේ හොඳම පෙනුමක් සහිත පුද්ගලයා තේරීම සඳහාය. වෙබ් අඩවියක් වූ එය ෆේස් බුක් හි අංකුරය ලෙස සැලකේ. සරසවි සිසුන් අතර ඉතාම ජනප්‍රිය වූ මෙම වෙබ් අඩවිය සති අන්තයේ පමණක් විවෘතව තැබිණි. සරසවි පරිපාලනය සඳුදා සිට එය වසා දැමුවේ එතරමටම සිසුන් අතර ජනප්‍රිය වු නිසා ය.

සුකර්බර්ග් අති දක්ෂ පරිගණක විද්‍යාඥයෙකි. මෘදුකාංග නිෂ්පාදකයෙකි. ඔහුගේ පියා මනෝ විද්‍යාඥයෙකි. කුඩා කල පටන්ම ඉගෙනීමට අතිදක්ෂයෙකු වු සුකර්බර්ග් ගණිතය තාරකා විද්‍යාව හා භෞතික විද්‍යාවට මෙන්ම සම්භාව්‍ය භාෂා (ප්‍රංශ, හීබ්‍රෑ, ලතින්, ග්‍රීක) සඳහා පාසලේ දී ත්‍යාග දිනා ගත්තේ ය. සුකර්බර්ග් මේ වන විට චීන මැන්ඩරීන් භාෂාව හදාරමින් සිටී.

ෆේස් බුක් වෙබ් අඩවිය පුරාම පැතිර පවත්නා තේමා වර්ණය නිල් පැහැයයි. එය එසේ වීමට විශේෂ හේතුවක් තිබෙන බව බොහෝ අය නොදන්නා රහසකි. එම හේතුව නම් සුකර්බර්ග් වර්ණ අන්ධතාවයෙන් පෙළෙන අයෙකු වීමයි. මේ ජානගත රෝගී තත්ත්වය නිසා ඔහුට රතු සහ කොළ වර්ණ නොපෙනේ. ෆේස් බුක් සඳහා ඔහු නිල් පාට තෝරා ගන්නේ ඒ තත්ත්ව නිසා ය. මාක් සුකර්බර්ගේ චරිතය අධ්‍යයනය කරන ලේඛක ජොස් අන්තෝනියෝ මාගස් මෙසේ කියයි.

“පොඩි දරුවෝ පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරන විට මාර්ක් ඒවා නිර්මාණය කළා. ඔහු මෙය පවසන්නේ මාර්ක්ගේ ළමා විය පිළිබඳ ය. කුඩා කාලයේ දී ඔහුගේ පියා නිවසට පරිගණක වැඩසටහන් නිෂ්පාදනය කරන්නෙකු ගෙනැවිත් අමතර ඉගැන්වීම් ලබා දුන්නේ ය. ඩේවිඩ් නියුමන් නමැති ඔහු කුඩා මාර්ක් සුබග (අති දක්ෂ) දරුවෙක් ලෙස හඳුන්වා දී තිබේ. මේ හාවඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන විටද පරිගණක විශේෂඥයෙක් ලෙස කීර්තියක් දිනා සිටි අයෙකි.

වැනිටිෆෙයා සඟරාව අනුව අද වන විට මාක් සුකර්බර්ග් තොරතුරු තාක්ෂණ යුගයේ ලොවට වැඩිම බලපෑමක් සිදුකළ අංක එකේ පුද්ගලයාය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු පරිපූර්ණ මිනිසෙකි. ෆේස් බුක් සිහිනය මුලින්ම දුටු දෙවැනි වසරේ දී ඔහුට හමු වූ ප්‍රිසිලා චෑන් අද ද ඔහුගේ පෙම්වතියයි. චෑන් අද වෛද්‍ය ශිෂ්‍යාවකි. ඔවුහු පසුගිය සැප්තැම්බර් මාසයේ සිට එක්ව දිවි ගෙවති. සුකර්බර්ගේ මීළඟ බලාපොරොත්තුව නුදුරු දිනයකදීම ප්‍රිසිලා සමඟ යුග දිවියට එළඹීමයි.

No comments:

Post a Comment