.QOverlay { background-color: #000000; z-index: 9999; } .QLoader { background-color: #CCCCCC; height: 1px; } .QAmt { color:#FF530D; font-size:50px; font-weight:bold; line-height:50px; height:50px; width:100px; margin:-60px 0 0 -50px; }

Pages

Thursday, June 2, 2011

සුපිරි වීරයා සුපර් මෑන්

සුපර් මෑන් පිළිබඳ විමසීමේදී එහි අතීත කතාව ඉතා රසවත් එකක් බව හෙළි වේ. ජෙරී සීගල් සහ ජෝ සූස්ටර් යන දෙදෙනා විසින් 1933 දී ප‍්‍රථම වරට “සූපර් මෑන්” චරිතය එළි දක්වන ලදී. නමුත් මුල් අවදියේ මෙම සූපර්මෑන් හට කිසිඳු යහපත් ප‍්‍රතිචාරයක් පේ‍්‍රක්‍ෂකයින් ගෙන් නොලැබූණි. එයට හේතුව “සුපර් මෑන් “ දුෂ්ඨ චරිතයක් වීමයි.ජනතාවට හිංසා පීඩා කරන, තමා සතු සුපිරි බලයෙන් අයුතු ප‍්‍රයෝජන ගන්නා වූ පූද්ගලයකු ලෙස මූල් අවදියේදී “සුපර් මෑන්” ප‍්‍රචලිත විය.නමුත් මෙම නපුරු ගති ගුණ ඇති “සූපර් මෑන්” හට එතරම් රසික ප‍්‍රසාදයක් නොලැබූණ හෙයින් 1934 පමණ දී එය පුවත් පතක තීරුවක් පමණක් ලෙස පළ විය.


එනිසාම නැවතත් සුපිරිවීරයාට නව පණක් ලබා දීමේ අරමුණින් මෙය නව මුහුණු වරකින් ඉදිරිපත් කිරීමට ජෙරී සිගල් සහ ජෝසුස්ටර් කටයුතු කරන ලදී.ඒ අනුව තමා සතු සූපිරි බලයෙන් හොඳ දේ පමණක් සිදු කරන, දුප්පත් අසරණ මිනිසුන්ට උදව් කරන, නරක මිනිසුන්ට දඬුවම් දෙන අපුරු චරිතයක් ලෙස 1938 දී නැවත සුපර් මෑන් එළි දක්වන ලදී.නිල් පැහැති තමාටම ආවේණික අඳුමකින් සැරසී රතු පැහැති ලෝගුවක් කරවටා පැළඳ ඉතා වේගයෙන් ගුවනේ පාවී යන මෙම අලුත්ම චරිතය පෙ‍්‍ර්ක්‍ෂක සිත දිනා ගැනීමට එතරම් කලක් ගත නොවීය. මෙය මූලින්ම නිර්මාණය වූයේ වැඩි හිටි පුද්ගලයන්ගේ සිතට අනුව සැක සුන චරිතයක් ලෙස වූවද වැඩි කලක් නොගොස් සූපර් මෑන් කුඩා දරුවන්ගේ සිහින ලොව වීරයා විය. එහි ප‍්‍රතිපලයක් ලෙස සූපර් මෑන්ගේ වීර කි‍්‍රයා අනුගමනය කිරීමට ගොස් අනතුරු සිදුකරගත් කුඩා දරුවන් රෝහල් ගත කිරීමට පවා සිදු වී ඇත. එහෙත් කල් යත්ම සූපර් මෑන් ගේ සුපිරි බලය ඔහුටම පමණක් ආවේණික වූ බව වටහා ගත් කුඩා දරුවන් සූපර් මෑන් මෙන් සැරසී සිටීමට හෝ කැමැත්තක් දැක් වීය.





ඒ කෙසේ වෙතත් 1938 දී ඇක්‍ෂන් කොමික්ස් Action Comics නම් චිත‍්‍ර කතා සඟරාව තුළින් “සුපර් මෑන් “ පළමුවරට වීරයෙක් බවට පත්විය. එහි දී ලැබු ජනප‍්‍රියත්වය නිසාම 1941 දී මෙය කාටුන් චිත‍්‍රපටයක් ලෙස එළි දැක් විණි. එමෙන්ම ගුවන් විදුලි වැඩ සටහනක් ලෙසද “සූපර් මෑන්” කතා මාලාව ප‍්‍රචාරය විය.කාටුන් සූපර් මෑන්ට 1978 කාලයේදී සජීවී බවක් එකතු විය.


ඒ එම සුපිරි මිනිසාගේ චරිතයට පණපොවමින් “කි‍්‍රස්ටෝපර් රීව්” නම් රංගන ශිල්පියා රඟපෑමත් සමඟය. ඊට ප‍්‍රථම 1951 - 1957 කාලවකවානුවේ දී මෙම කතා මාලාව කොටස් 104 ක් ලෙස රූපවාහිනියේ විකාශනය විය. කි‍්‍රස්ටෝපර් රීව් රඟපෑ සූපර් මෑන් චිත‍්‍රපටියෙන් අනතුරුව 1993 දී පමණ “සූපර් මෑන්” චරිතය පසුබිම් කොට ටෙලිනාට්‍ය මාලාවක් ද නිපද විණි. එය “ලූවිස් ඇන්ඩ් ක්ලාක් “ ලෙස නම් කර තිබේ. මෙය සූපර් මෑන් හි ස්වර්ණමය යුගය ලෙස සැළකිය හැකිය. එය ලොකු - කුඩා - සියලු දෙනාම ඉතා කැමැත්තෙන් නැරඹු වැඩසටහන් පෙළක් බව ලොව පුරා කරන ලද සමීක්‍ෂණයකින් හෙළි විය.



මෙම සුපිරි වීරයා මිනිස් ලොව ආක‍්‍රමණය කිරීමට එතරම් කාලයක් නොගියා සේම ඔහුගේ රුව අඩංගු නිෂ්පාදන බිහිවීමට ද එතරම් කාලයක් නොගියේ ය. ඒඅනුව ස්ටිකර්,වීඩියෝ කී‍්‍රඩා, ඇඳුම්, පැළඳුම්, සෙල්ලම් බඩු, පිඟන් - කොප්ප ආදියට මොහුගේ රුව එකතු විය. ඉන් අනතුරුව සුපර් මෑන් රූපවාහිනි රසිකයින් පමණක් නොව “සූපර් මෑන්” විසිතුරු බඩු එකතු කිරීමේ පිරිසක් ද බිහි විය. ඇතැම් සංචාරකයින් විවිධ රටවලදී මිලදී ගන්නා “සූපර් මෑන් “ රුව අඩංගු බඩු භාණ්ඩ විනෝදයක් ලෙස එකතු කිරීමට පවා පෙළඹී ඇත. තවද මෙම භාණ්ඩ වලට වෙළෙඳපොලේ ද ඉහළ මිලක් නියම වී තිබූණි.කෙසේ වෙතත් “සූපර් මෑන්” කතා මාලාවේ අවසානය සිදු වන්නේ මේ සුපිරි මිනිසා හදිස්සි අනතුරකට ලක් වීමෙනුයි. එය ලොකු - පොඩි සූපර් මෑන් රසික රසිකාවියන්ගේ මහත් දොම්නසට හේතු විය. නමුත් තවමත් මෙම කාටුන් චරිතය මෙන්ම චිත‍්‍රපටි චරිතය ද පෙර මෙන් ජනපි‍්‍රයව පවතී. ඒ ඔහු විසින් සිදු කරනු ලබන වීර කි‍්‍රයාවන් හේතුවෙනි. කෙසේ වෙතත් කොතරම් සූපර් මෑන්ට කැමැත්තක් දැක්වූවද ඔහු විසින් සිදු කරනු ලබන වීර කි‍්‍රයා ඔහුට පමණක් ආවේණික කි‍්‍රයාවන් බව පුංචි ඔබ මතක තබාගත යුතු කරුණක් වන්නේ ය.

No comments:

Post a Comment