.QOverlay { background-color: #000000; z-index: 9999; } .QLoader { background-color: #CCCCCC; height: 1px; } .QAmt { color:#FF530D; font-size:50px; font-weight:bold; line-height:50px; height:50px; width:100px; margin:-60px 0 0 -50px; }

Pages

Wednesday, June 1, 2011

ඔසාමා බින් ලාඩන්(අල්කයිඩා නායක)

1957 මාර්තු මස 10 වැනිදා උපත ලැබු ඔසාමා, විවාහ 22 ක් සිදු කරගෙන දරුවන් 54 ක් සිටි සෞදි අරාබි කෝටිපතියෙකු වු “මොහොමඩ් බින් අවාද් බින් ලාඩන්” නැමති ව්‍යාපාරිකයා හා ඔහුගේ දහවැනි බිරිඳ වු මුහම්මද් අල් අටාස් ගේ එකම පුතා වු අතර ඔහු එම විශෘල පවුලේ 17 වැනි දරුවායි.
වමත් කරුවකු වු ඔහු සැරයටියක් ආධාරයෙන් ඇවිද යන අතරම බර 75 Kg හා අඩි 6 යි අගල් 6 උස පුද්ගලයකු විය.වයස 17 දි එනම් 1974 දි තම පළමු විවාහය සිරියාවේ සිටි නජීවා ගානේම් සමග සිදුකල අතර විවාහයෙන් පිරිමි දරුවන් 10 දෙනෙකු ලැබී ඇත.විවාහ 07 ක් සිදුකර ගත්තායයි සැලකෙන බින් ලාඩෙන් විශේෂත්වය නම් එම විවාහ 03 ක්ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියන් වීමයි.ඔහු දෙදෙනෙකුගෙන් දික්කසාද ද වී ඇත.

1968 සිට 1976 දක්වා සෞදියේ අල් ටගාර් පාසලේ ද, අබ්දුලාසීස් රාජකීය සරසවියෙන් ආර්ථික විද්‍යාව හා කළමණාකරනය හැදෑරු ඔහු 1979 දි සිවිල් ඉංජිනේරු උපාධියක් ද,1981 පිරිස් කලමණාකරනය පිළිබඳවද උපාධියක් ද ලබාගෙන ඇත. කවි ලිවිම ද තවත් විනෝදාංශයක් විය.ෂරියා නිතිය ඇති ඉස්ලාමීය ලෝකයේ ඔහු වීරයෙකි.ඔහුගේ දර්ශණය වී ඇත්තේ ජිහාඩ් දර්ශණයයි.

වසර ගණනාවක් පාකිස්ථානයේ ජිවත් වුනු ඔහු 1984 දී මොහොමඩ් අසාම් සමඟ එක්ව ඇග්ෆනිස්ථානය ආක්‍රමණයට එරෙහි වෙමින් රුසියාවට එරෙහිව අවි අතට ගනිමින් “මුක්තාබ් අල් කාඩාමාට්“ සටන් සංවිධානය පිහිටවා ගත් අතර ආයුධ සන්නන්ධ බොහෝ සංවිධාන සෝවියට් රුසියාවට එරෙහිව මේ සංවිධානය වටා එක් වුනි. 1988 දි මේ සංවිධානයෙන් වෙන්වුනු ඔසාමා “ඊජිප්තු ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය“ සහය සමග “අල් ක්වයිදා“ නැමති සටන් සංවිධානය 1988 /08/11 ආරම්භ කල බව පැවසේ.

1989 පෙබරවාරි මස රුසියානු හමුදා අග්ෆනිස්තානය හැරයාමෙන් පසු 1990 දි නැවත සෞදි අරාබියට ගිය බින් ලාඩන් එරට ජිහාඩ් වීරයෙකු ලෙස සලකන ලදි. 1990/08/02 ඉරාක හමුදාවන් සෞදි ආක්‍රමණය කිරිමේ දී ඊට එරෙහි ව සටන් කිරිමට තමාගේ “මුජහිදින් සටන්කාමීන්ට“ අවසර ලබා දෙන ලෙස සෞදි රජු වු ෆාද් රජුගෙන් ඔසාමා ඉල්ලා සිටි අතර රජු එය ප්‍රතික්ෂේප කලේ ඇමරිකානු සහය ලබා දෙන බැවිනි.විදේශීය අන්‍ය ආගමික අය විසින් තම රටේ ශුද්ධ භුමි කෙලෙසා දමාවි යන මතයේ සිට සෞදි රජු විවේචනය කල ඔසාමාට රටින් පිටුවහල් වීමට සිදුවු සුඩානයේ ජිවත් වු අතර එතැන් සිට ඔහු බටහිර ලෝකය හා ඇමරිකාව තම සංවිධානයේ ඉලක්ක බවට පත් කර ගත්තේය.

1993 සිට 2010 දක්වා ලොව හෙල්ලු විශාල ගණයේ අල් ක්වයිදා ප්‍රහාර.

1993/02/26 - ඇමරිකාවේ නිව්යෝර්ක් හි ලෝක වෙලඳ මධ්‍යස්ථානයේ බිම් මහලේ බෝම්බ පිපිරවීම. 06 දෙනෙකු මිය 1000 පිරිසක් තුවාල ලබා ඇත.ගොඩනැගිලි පාදමට දැඩි හානි සිදුවු අතර ඒ වේලාවේ 55000 ක පිරිසක් ගොඩනැගිලි 02 තුල සිට ඇත.
1995/11/12 - සෞදි අරාබි රියාද් අගනුවර ජාතික ආරක්ෂක මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට එල්ල කල බෝම්බ ප්‍රහාරයෙන් එහි සිටි ඇමරිකානු භටයින් 50 න් ඉන්දියානුවන් 02 මියගියේය..
1996/06/25 - සෞදි අරාබි දහරාන් හි ඇමරිකානු හමුදා කදවුර තුල ට්‍රක් රථයක් පුපුරවා ඇමරිකානුවන් 19 ක් මිය ගිය අතර 386 තුවාල ලබා ඇත.
1998/08/07 - කෙන්යාවේ නයිරෝබි හා දාර් එස්සලාම් නගර වල ඇමරිකානු තනාපති කාර්යාල වලට එකවර එල්ල කල බෝම්බ ප්‍රහාර වලින් 224 ක් මිය ගිය අතර 5000 ට අධීක පිරිසක් තුවාල ලැබුවේය..මින් වැඩම දෙනා අප්‍රිකානු ජාතිකයෝ විය.
2000/10/12- ඇමරිකානු ප්‍රහාරක නෞකාවක් වු “කෝල්“ නැවට යෙමනයේ ඒඩන් වරායේදී එල්ල කල මරාගෙන ප්‍රහාරය ඇමරිකානු භටයින් 17 ක් මියගියේය..38 ක් තුවාල ලැබීය.
2001/09/11 - අල් ක්වයිදා එල්ල කල ප්‍රසිද්ධම වු ප්‍රහාරයයි.ඇමරිකානු සිවිල් ගුවන් යානා 04 ක් පැහැර ගෙන දෙකක් නිව්යෝර්ක් වෙලද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලටද තව එකක් ආරක්ෂක අමාත්‍යංශය හෙවත් පෙන්ටගනයටද, වොෂින්ටනය බලා ආ අනෙක පෙන්සිල්වේනියාවේ දී කඩා වැටී තිබුනි. 3000 පිරිසක් මේ ප්‍රහාරයේදි මිය ගොස් තිබුනි.
2002/04/11 - ටියුනිසීයානු ඩිජෙර්බා දුපතේ යුදෙව් ආගමික ස්ථානයකට එල්ල කල ප්‍රහාරය එයින් ජර්මන් ජාතිකයන් 14 හා තවත් 07 මිය ගියේය.
2003/05/16 - මොරොක්කෝවේ කැසබ්ලන්කා නගරයේ විදේශිකයන් සිටින ආපන ශාලා හා හෝටල් වගට එකම වර බෝම්බ ප්‍රහාර 05 එල්ල කල අතර 30 වැඩි ගණනක් මිය ගියේය.
2003/11/15 හා 20 - තුරිකියේ ඉස්තාන්බුල් අගනුවර යුදෙව් ආගමික ස්ථාන 02 ටත් බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලයට හා බ්‍රිතාන්‍ය බැංකුවකට ප්‍රහාර එල්ල කල අතර 63 දෙනෙකු මියගියේ බ්‍රිතාන්‍ය කොන්සල් වරයාද සමගිනි.
2004/03/02 - ඉරාකයේ බෑග්ඩෑග් හා කර්බලා නුවරදි වන්දනාකරුවන් ඉලක්ක කල ප්‍රහාරයෙන් 180දෙනා මියගියේය.
2004/03/11 - ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර දුම්රිය 04 කට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් 2000 ක අධික පිරිසක් තුවාල ලබා 191 ක් මිය ගොස් තිබුනි.
2005/07/07 - බ්‍රිතානයේද ලන්ඩන් නුවර උමං දුම්රිය වල හා තට්ටු දෙකේ බස් වලදි මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් 56 දෙනෙක් මිය ගොස් තිබුනි.
2005/07/23 - ඊජිප්තු සංචාරක ස්ථානයක් වු ෂාම්පල් ශීක් ස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් 68 මියගියේය.
2005/11/09 - ජෝර්දානයේ අම්මාන් නුවර හෝටල් වලට එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 03... 60දෙනෙකු ඉන් මිය ගියේය.
2006/04/24 - ඊජිප්තු මුහුදුබඩ සංචාරක ස්ථානයක් වු දහාබ් නගරයේ මරාගෙන මැරෙන ප්‍රහාර වලින් 20 මිය ගොස් 90 ක් තුවාල ලැබුවේය.
2007/08/14 - උතුරු ඉරාකයේ බෝම්බ පිරවු ට්‍රක් රථ 04 කින් එල්ල කල ප්‍රහාරයකින් 400 මරණයට පත්විය.
2007/12/11 - ඇල්ජිරීයාවේ ඇල්ජියස් අගනුවරදී මරාගෙන මැරෙන ප්‍රහාර 02 න් 41 මිය ගිය අතර එක්සත් ජාතීන්ගේ නිලධාරින් 18 ක් ද ඒ අතර විය.
2008/09/17 - යෙමනයේ සැනා නුවර ඇමරිකානු තනාපති කාර්යාල එල්ල කල ප්‍රහාරයෙන් 16 දෙනෙක් මිය ගියේය.
2008/09/20 - පාකිස්ථානු ඉස්ලාමාබාද් නුවර මැරියට් හෝටලයේ සිදුවු බෝම්බ ප්‍රහාරයෙන් 60 මිය ගිය අතර හෝටලයේ කොටසක් මුලුමනින්ම විනාශ විය.
2010/11/24 - යෙමනයේ ෂයිඩ් නිකේතනයේ ආගමික පෙරහැරකට එල්ල වු මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 23 ක් මිය ගියේය.
අල්කයිඩාවේ වැඩිම ප්‍රහාර වලට ලක්වු රටවල්! ( 1998 අගෝස්තු සිට 2009 දෙසැම්බර් දක්වා)

ඉරාකය 331
ඇග්ෆනිස්ථානය 41
පාකිස්ථානය 34
සෞදි අරාබිය 21
පිලිපීනය 6
යෙමනය 6
ජෝර්දානය 6
මොරොක්කෝව 6
තුර්කිය 5


පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නගරයට සැතපුම් 60ක් දුරින් පිහිටි ඇබෝටබාද් හි පිහිටි මන්දිරයක දී ඇමරිකානු නාවික විශේෂ බලකායක් වන “සීල් බලකායේ“ වෙඩි ප්‍රහාරයකට ලක්වෙමින් මෙහෙයුමේ දි හැදින්වු “ජෙරොන්මෝ“ හෙවත් බින් ලාඩන් මරා දැමුනි

ඇමරිකානු බුද්ධි අංශ ඔහුව හැදින්වුයේ UBL යන සංකේතයෙනි..එහෙත් මෙහේයුමේදී “ජෙරොන්මෝ“ යන නම භාවිතා කර තිබුනි.විනාඩි 40 පමණ වු මේ මෙහෙයුම ඇමරිකානු ධවල මන්දිරයේ “Situation Room” නම් කාමරයේ සිට ඇමරිකානු නිලධාරින් මේ මෙහෙයුම රූපවාහිනි තිර මගින් නරඹා ඇත.

ඔසාමාගේ සොහොයුරියකගේ රුධිරය සමඟ සසදමින් මියගියේ ඔසාමා බින් ලාඩන් ම බව DNA පරීක්ෂණ වලින්ද ඔප්පු කරගෙන ඇත. ආගමික වතාවත් කර පැය 12 පසු සිරුර අරාබි මුහුදට මුදා හැර ඇත.මෙලෙස ඇමරිකාවට ඕනෑම කර තිබු,ලෝකයට තර්ජනයක් වු අංක එකේ ත්‍රස්ථවාදියකු ලෙස හැදින්වු ඔසාමා බින් ලාඩන්ගේ ඉරණම විසදුනු අතර රටවල් රැයක නායකයන්ගේ නිවේදන නිකුත් කිරීම්ද සිදුවිය.




දැන් අල් ක්වයිදාව භාර ගෙන ඇත්තේ අයිමාන් අල් සවාරි නැමත්තායි.

No comments:

Post a Comment