.QOverlay { background-color: #000000; z-index: 9999; } .QLoader { background-color: #CCCCCC; height: 1px; } .QAmt { color:#FF530D; font-size:50px; font-weight:bold; line-height:50px; height:50px; width:100px; margin:-60px 0 0 -50px; }

Pages

Thursday, June 2, 2011

උණුසුම හඳුනන අව් කණ්ණාඩිය

අප සිරුරේ උෂ්ණත්වය, පැවතිය යුතු නියමිත අගයේ ම සැම විට ම පවතී නම් එය අපගේ නිරෝගී බව අඟවන හොඳම සාධකයයි.එහෙත් එම තත්ත්වය වෙන්ස් වන අවස්ථාත් ඇතැම් විට එළඹෙන බව අප කවුරුත් දන්නා කරුණක්. උණ වැනි රෝගයක් වැළඳීම, කී‍්‍රඩා කරන විට ශරීර උෂ්ණත්වය ඉහළ යාම හා අධික ඩහදිය දැමීම හේතුවෙන් සිරුර වියළි තත්ත්වයට පත්වීම මෙයට හේතු වශයෙන් දක්විය හැකියි.මෙවැනි අනතුරුදායක තත්ත්වයන් ඇතිවීම පාලනය කළ හැකි ක‍්‍රමයක් දැන් යේල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මාක් ඇබෘ විසින් සොයාගනු ලැබ ඇත. මේ නවතම ක‍්‍රමයට අනුව පුද්ගලයකු විසින් පැළඳ සිටිනු ලබන අව් කණ්ණාඩි යුගලක් ඔහුගේ සිරුරේ උෂ්ණත්වය මැන බැලීම සඳහා උපයෝගී කරගනු ලැබේ.මේ අව්කණ්ණාඩි මඟින් සිරුරේ උෂ්ණත්වය මැන බැලීමේ ක‍්‍රමය වඩාත් වැදගත් වන්නේ කය වෙහෙසා ශාරීරික අභ්‍යාසයන්හි යෙදෙන කී‍්‍රඩකයන්ට බවයි, එහි නිර්මාතෘ ආචාර්ය මාක් ඇබෘ පවසන්නේ වයර් ආදියෙහි සම්බන්ධයක් නොමැතිව ස්වයංකි‍්‍රය ලෙස කි‍්‍රයාකරන මේ අපුරු උපකරණය මඟින් එය පැළැද සිටින්නාගේ ශරීර උෂ්ණත්වය නිරන්තරයෙන්ම සටහන් කර ගැනීම සිදුවෙයි. එසේ සටහන් කරගනු ලබන උෂ්ණත්වය, නියමිත අගයට වඩා වෙනස් වූ විට අදාළ පුද්ලයාට ඒ බව දැන ගැනීමට සංඥාවක් නිකුත් කිරීම සිදුවේ.




ක‍්‍රීඩකයන්ට මෙය වඩාත් වැදගත් වන්නේ ඩහදිය දැමීමෙන් හෝ වෙනත් හේතුවක් නිසා තම සිරුරේ උෂ්ණත්වය වැඩි වූ විට, එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජලය පානය කිරීමට හෝ නිවැරැදි ප‍්‍රතිකාරයක් ගැනීමට හෝ මෙමගින් මඟ පෙන්වන නිසායි.ආචාර්ය මාක් පවසා සිටින පරිදි මෙම නවතම අව් කණ්ණාඩිය මඟින් උෂ්ණත්වය මැන බලන්නේ මිනිස් සිරුරේ ඉතා සියුම් සමක් පවතින ඇස් හා නාසය අවට ප‍්‍රදේශයේයි. වැඩිපුරම ආලෝක ශක්තියක් සිරුර වෙත ග‍්‍රහණය කරගනු ලබන හා වඩාත් සියුම් සමක් සහිත මෙම ඇස් හා නාසය අවට ප‍්‍රදේශය මිනිස් මොළයේ තාපය ගබඩා කරන මධ්‍යස්ථානය හා සම්බන්ධ වන බවයි ඔහු වැඩිදුරත් පවසන්නේ.ඒ අනුව තාපසංවේදී වැඩි දියුණු කරන ලද අව් කණ්ණාඩි යුගලක් මගින් ශාරීරික උෂ්ණත්වය මැන බැලීමේ මේ අලුත් ක‍්‍රමය ඉතා සාර්ථක වන්නක් බවයි විශේෂඥයන් පවසන්නේ.මේ වන විටත් මෙම අලුත් උපකරණය වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමට සිංගප්පූරුවේ ප‍්‍රමුඛ පෙළෙ තාක්ෂණ සමාගමක් ඉදිරිපත් වී සිටියි. ඔවුන් මෙම නවතම තාක්ෂණය වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන්නේ ‘ටෙම්ප් ඇලර්ට්’ (Temp Alert) යන වෙළෙඳ නාමය යටතේයි.තවද මෙම ටෙම්ප් ඇලර්ටි වෙළෙඳ නාමය යටතේ නිෂ්පාදනය වන අව්කණ්ණාඩි තවත් විශේෂ කටයුත්තක් සිදු කළ හැකි වන ලෙසට වැඩි දියුණු කර ඇත. එනම් පසුගිය කාලයේ රටවල් 30 ක පමණ ඉතා ශීඝ‍්‍රයෙන් පැතිර ගිය මාරාන්තික සාර්ස් වෛරසය (Severe Acute Respiratory Syndrome) හඳුනා ගැනීමටත් මෙම නවතම උපකරණයට හැකිවාක් තිබීමය.මේ අනුව බලන විට ශරීර උෂ්ණත්වය මනින මෙම අලුත්ම අව් කණ්ණාඩි සඟයා රෝග හඳුනාගැනීමට උපකාරවන වෛද්‍යවරයකු ලෙස ද අප අතට පැමිණෙන දිනය වැඩි ඈතක නොවනු ඇත.
රොයිටර් ඇසුරිනි

No comments:

Post a Comment