.QOverlay { background-color: #000000; z-index: 9999; } .QLoader { background-color: #CCCCCC; height: 1px; } .QAmt { color:#FF530D; font-size:50px; font-weight:bold; line-height:50px; height:50px; width:100px; margin:-60px 0 0 -50px; }

Pages

Thursday, June 2, 2011

හිටි ගමන් නැව් ගිල ගන්නා රහස හෙළි වේ

සාගරය ගැන අපි නොදන්නා තතු බොහෝය. ඇතැම් විටෙක එහි ප‍්‍රචණ්ඩකාරී වූත් බියකරු වූත් හැසිරීම පුදුම සහගතය. සාගරය පිළිබඳව මෙතෙක් සිදු කර තිබෙන පර්යේෂණවලට පවා අනාවරණය කර ගත නොහැකි වූ රහස් තතු මේ මහ සාගරය තුළ තවමත් සැඟ වී තිබේ.කෙසේ නමුත් නොසිතූ මොහොත අත්භූත ජනක ලෙස නැවක් ගිලා බැසීමේ සිදුවීමක් ගැන අසන්නට ලැබුණු විට ඊට හේතු වූ කාරණය සොයා යාමට සාගර පර්යේෂකයන් දැරූ ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් ලෙස මෙසේ යෝධ නැව් පවා මුහුදුබත් වීමට බලපෑ හැකි සුවිශේෂ හේතුවක් සොයා ගැනීමට සමත් වූ පුවතක් ගැන අසන්නට ලැබේ.ඉතාමත් ප‍්‍රචණ්ඩකාරී මෙන් ම විශාල ප‍්‍රදේශයක් කරා පැතිරුණු දැවැන්ත මුහුදු රළ විශේෂයක්් අභිරහස් ලෙස නැව් ගිල ගන්නා බව එම පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ.මෙම ප‍්‍රචණ්ඩකාරී මුහුදු රළ විශේෂය තට්ටු 10 ක විශාල ගොඩනැගිල්ලක් තරම් උසට ඉහළට මතු වන අතර, එය අති දැවැන්ත නැවක් වුණද ගිල්ල විය හැකිය.මෙය හෙළිදරව් වී ඇත්තේ යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය(European Space Agency - ESA)නම් ආයතනයේ චන්ද්‍රිකා මගින් පෙන්නුම් කළ තොරතුරුවලිනි.
2000 වසරේ දෙසැම්බර් මාසයේ දී යුරෝපා සංගමය කරන ලද විද්‍යාත්මක ව්‍යාපෘතිවල කොටසක් හැටියට එම ඒජන්සියේ චන්ද්‍රිකා මගින් ලබාදුන් තොරතුරුවලට අනුව මෙම මුහුදු රළ පිළිබඳව පැවැති නාවික මිත්‍යා මත බැහැර කිරීමට සිදු වී තිබේ.මෙම බිහිසුණු මුහුදු රළ පිළිබඳව 2001 වර්ෂයේ දී සිදු කරන ලද පර්යේෂණ වල දී සති තුනකදී ලැබුණු දත්ත මඟින් පෙනී ගොස් ඇත්තේ එනම්, ඒවා මීටර් 25 (අඩි 80 ක්) උසට එසැවෙන ගෝලාකාර ස්වරූපයක් ගන්නා බවයි.යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය කරන්නේ මෙම දැවැන්ත මුහුදු රළ අවුරුදු 10,000 කට වරක් හට ගන්නා බවට, විද්‍යාඥයන් විශ්වාස කරන බවය. එහෙත් ජර්මනියේ ට්ම්ඉඉ පර්යේෂණ මධ්‍යස්ථානයේ වාල්ෆ්ගැන්ග් රොතෙන්සල් පවසන්නේ මෙම දැවැන්ත මුහුදු රළ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීමට අවශ්‍ය බවයි.යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය ප‍්‍රකාශ කරන ආකාරයට පසුගිය දශක දෙක තුළ මීටර් 200 කට (අඩි 650) ක් වඩා විශාල නැව් සහ කන්ටේනර් නැව් ගණනාවක් සාගර මධ්‍යයේ දී අනතුරට ලක් වී ඇත. එහෙයින් මෙම සිදුවීම්වලට මේ බිහිසුණු මුහුදු රළ බලපාන්නට ඇති බවට විශ්වාස කළ හැකි බව ඔවුහු තවදුරටත් ප‍්‍රකාශ කර සිටිති.මෙම අති බිහිසුණු රළවලින් සිදුවිය හැකි නාවික අනතුරු අවම කර ගැනීම සඳහා දැනටමත් යම් යම් උපාය මාර්ග හා පිළියම් යොදා ඇති බව එම එජන්සිය පෙන්වා දෙයි. අද නිපදවන විශාල නැව්වල බඳ වටා මීටර් 15 කට වඩා උසට තට්ටු සාදා එමගින් නැවට ආරක්‍ෂාව සැලසීම ඉන් එක් උපාය මාර්ගයකි.

No comments:

Post a Comment