.QOverlay { background-color: #000000; z-index: 9999; } .QLoader { background-color: #CCCCCC; height: 1px; } .QAmt { color:#FF530D; font-size:50px; font-weight:bold; line-height:50px; height:50px; width:100px; margin:-60px 0 0 -50px; }

Pages

Thursday, June 2, 2011

නිව්ටන්ගේ නියම තුනම වැරැදි බව ශ‍්‍රී ලාංකික විද්‍යාඥයෙක් කියයි

ශ්‍රීමත් අයිසැක් නිව්ටන් කි‍්‍ර. ව. 1642 සිට 1727 දක්වා කාලය අතරතුර බි‍්‍රතාන්‍යයේ ජීවත් විය. සුප‍්‍රසිද්ධ ‘ඇපල් ගෙඩියේ කතාව‘ නිසා පාසල් යන කුඩා දරුවන්ට වුව ද ඔහුගේ නම හොඳින් හුරු පුරුදු ය.නිව්ටන් තමන්ට අයත් ඇපල් වත්තක වාඩි වී සිටියේ ය. හදිසියේ ම ගසකින් ඇපල් ගෙඩියක් බිමට වැටෙනු දැක, ඒ ඔස්සේ කල්පනා කරමින් ගුරුත්වාකර්ෂණ න්‍යාය ලොවට හඳුන්වාදීමට තරම් හේ තියුණු පරිකල්ථනා ශක්තියක් ඇත්තකු විය.



එසේ ම විශ්වයේ කොතැනක හෝ පවතින වස්තුවක සිදුවිය හැකි චලිතයේ ස්වභාව විස්තර කැරෙන නියමයන් තුනක් ද නිව්ටන් විසින් ඉදිරිපත් කරන ලදී. අප කවුරුත් දන්නා “ඕනෑම කි‍්‍රයාවකට සමාන හා ප‍්‍රතිවිරුද්ධ වූ ප‍්‍රතික‍්‍රියාවක් ඇත.’ යන නියමය නිව්ටන් ගේ එම නියමයන් තුනෙහි තෙවැන්නයි.කීර්තිමත් විද්‍යාඥ අයිසැක් නිව්ටන් ගැන පවසමින් අප මේ සූදානම් වන්නේ ඔහු පිළිබඳ අතීත පුනරාවර්ජනයක යෙදීමට යැයි දැන් ඔබට හැඟියාමට ඉඩ ඇත. නැත, අප මේ කතා කරන්නට සැරසෙන්නේ ඔහු පිළිබඳ නොව, දීර්ඝ කාලයක් පුරා සිදුකරන ලද භෞතික විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ අයිසැක් නිව්ටන් ගේ සොයා ගැනීම් ද අභියෝගයට ලක් කරන්නට සමත්ව සිටින අප රටේ ම විද්‍යා පර්යේෂකයකු ගැන ය. ඔහු නමින් කේ. ඒ. ඩී. වංශරත්නයි. නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ නියමය මෙන් ම වස්තුන් ගේ චලිතය පිළිබඳ වන නියමයන් තුනම සදොස් බව වංශරත්න මහතා එක එල්ලේ ප‍්‍රකාශ කර සිටියි.ඔහු විසින් පැහැදිලි කරනු ලබන අන්දමට නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය මෙන් ම චලිතය පිළිබඳ වන නියමයන් ද අදාළ වන්නේ අපගේ එදිනෙදා ජීවිතයට අදාළ වන භෞතික සිදුවීම් සඳහා පමණි. සූර්ය කේන්ද්‍රික රාමුවෙන් ඔබ්බට විහිද නොයන එම නියමයන් යොදා ගනිමින් ;සෟරග‍්‍රහ මණ්ඩලයෙන් පිට ඇති වෙනත් ග‍්‍රහවස්තුවල චලිතය සම්බන්ධව ගණනය කිරීම් සිදුකිරීම් සම්පූර්ණයෙන් ම සදොස් කටයුත්තකි.
නිව්ටන් ගේ මුළාවකෙසේ නමුත් මේ වන විටත් අප, අපගේ දැනුම් සීමාවේ පවතින කවර හෝ වස්තුවක චලිතය විස්තර කිරීම සඳහා යොදාගන්නේ නිව්ටෝනියානු භෞතික විද්‍යාවයි. නිව්ටන් ගේ නියමයන් පදනම් කරගනිමින් ගොඩනැඟුණු සූත‍්‍ර සහ සමීකරණ බොහොමයක් අපි මේ සඳහා උපයෝගී කර ගනිමින් සිටින්නෙමු. පොළොව මත පවතින වස්තුවක චලිතයේ පටන් ඈත දුරින් පිහිටි ග‍්‍රහ තාරකාවල චලිතයේ ස්වභාව විස්තර කිරීම දක්වා මෙම සමීකරණවල යොදාගැනීම පුළුල් පරාසයක පැතිර තිබේ’එබැවින් යම් හෙයකින් වංශරත්න මහතා පවසන ආකාරයේ දොසක් නිව්ටන් ගේ නියමයන් තුළ අන්තර්ගත වේ නම් ග‍්‍රහවස්තුවල චලිතය පිළිබඳ මෙතෙක් අප විසින් සිදුකරණ ලද ගණනය කිරීම බොහොමයක් ම හුදෙක් මුළාවක් පමණක් වනු ඇත. ඒ අනුව විශ්වයේ පවතින වස්තුවල චලිතය පිළිබඳ මෙතෙක් අප බැසගෙන සිටින නිගමනවලින් සෑහෙන ප‍්‍රමාණයක් ද බිඳ වැටීමට ඉඩ තිබේ.දැන් අපි වංශරත්න මහතා පවසන මෙම කාරණය උදාහරණයක් අනුසාරයෙන් පැහැදිලි කර ගැනීමට උත්සහ කරමු.
ටෙනිස් බෝලයේ චලිතය ඒ සඳහා ඔබත් මාත් දුම්රියක ගමන් කරමින් සිටින්නේ යැයි මඳකට උපකල්පනය කරන්න. එසේ ගමන් කරන අතරතුර මම ඔබට කුඩා ටෙනිස් බෝලයක් ගුවනින් එවන්නෙමි. මට දුරින්, එහෙත් දුම්රිය තුළම සිටින ඔබ විසින් එය අල්ලාගනු ලබන්නේ ය. දැන් මා විමසා සිටින්නේ මා ඔබ වෙතට එවූ බෝලය ගමන් ගත් ප‍්‍රවේගය කුමක් ද යන්නයි.ඔබේත් මගේත් ලෝකය දුම්රිය තුළට පමණක් සීමා වී පැවැතියේ නම් අප බෝලයේ ප‍්‍රවේගය ලෙස ගණනය කරනු ලබන අගය නියත වශයෙන්ම බැඳී පවතින්නේ දුම්රියේ චලිතය සමඟ පමණි. එනම් අප ගණනය කරන්නේ දුම්රියට සාපේක්ෂව බෝලයේ ප‍්‍රවේගයයි.එහෙත් දුම්රිය පොළොව මත ගමන් කරන බව (චලනය වෙමින් තිබෙන බව) අපි දනිමු. එබැවින් දුම්රියට සාපේක්ෂව බෝලය ලබාගත් ප‍්‍රවේගය උපයෝගී කරගෙන අපි එහි සත්‍ය ප‍්‍රවේගය ලෙස පොළොවට සාපේක්ෂව බෝලයේ ප‍්‍රවේගය ගණනය කරමු. එසේ වුණත් පෘථිවිය පවතින්නේ ද නොනවතින චලිතයක (භ‍්‍රමණ සහ පරිභ‍්‍රමණයක) නිරත වෙමින් බව අප අමතක කළ යුතු නැත. ඒ අනුව පෘථිවියේ චලිතය නොසලකා, පෘථිවියට සාපේක්ෂව මුලින් සඳහන් කළ ආකාරයේ ට බෝලයේ ප‍්‍රවේගය සෙවීම වැනි ගණනය කිරීම් සිදු කිරීම නිවැරැදි වන්නේ අප ගේ ලෝකය පෘථිවියට සීමා වී ඇති තාක් පමණි.එයින් ඔබ්බට ගිය කල මේ ගණනය කිරීම් සියල්ලක්ම පාහේ එහෙම පිටින් ම වැරැදියි. එසේ ම ඒ සඳහා උපයෝගී කරගත් සියලු සමීකරණ සහ නියතයන් ද නිශ්ප‍්‍රභ වන්නේ ය. වෙනත් ග‍්‍රහලෝක සම්බන්ධ කරගත් විශ්වීය ගණනය කිරීම්වල දි නිව්ටෝනියානු භෞතික විද්‍යාවෙන් අපට පිළිසරණක් නොලැබෙන්නේ එහෙයිනි. දුම්රිය තුළ වූ ලෝකයට කොටු වූ මගියකු ගේ විෂය පථය මෙන් නිව්ටන් ගේ නියමයන් තුළින් සිදුවන්නේ අපව හුදෙක් සූර්‍ය කේන්ද්‍රික රාමුවක් තුළට කොටු කිරීම පමණකි.වංශරත්න මහතාගේ මේ මතය ඔහු තහවුරු කරන්නේ නිව්ටන් ගේ සමීකරණයක් ආශ‍්‍රයෙන් ම ලබාගත් විසංවාදයක් ඇසුරෙනි.
දැන් අපි තවදුරටත් මෙබඳු ගණනය කිරීම් ගැන කතා කිරීම පසෙක තබා වංශරත්න මහතා ගැන මඳක් කතා කරමු.භෞතික විද්‍යාවේ විවිධ පුළුල් විෂය ක්ෂේත‍්‍ර පිළිබඳ දිර්ඝ කාලයක් පුරා මහත් කැපවීමෙන් පර්යේෂණවල නිරතව සිටින ඔහු මෑතකාලයේ දී මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදයේ පවතින අඩුපාඩු පිළිබඳ ද පෙන්වා දුන්නේ ය. මෙවර වංශරත්න මහතා නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂන න්‍යාය අභියෝගයට ලක් කරන්නේ නිව්ටන් ගේ ම ගණනය කිරීම් උපයෝගී කරගෙන වීම විශේෂත්වයකි. ඒ හැරෙන්නට එම නියමයේ සදොස් තැන්පර්යේෂණාත්මකව ඔප්පුකර පෙන්වීමට ද ඔහු සුදානමෙන් සිටියි.වෙනකක් තබා වස්තුවක් පොළොව දෙසට ආකර්ෂණය කරගනු ලබන ගුරුත්වාකර්ෂණ බලය එම වස්තුවේ ස්කන්ධය මත රඳාපවතින බව නිව්ටන් පවසද්දී, එය එසේ නොවන බවට, එනම් ගුරුත්වාකර්ෂණ බලය ස්කන්ධයෙන් ස්වායත්ත බවට ද වංශරත්න මහතා කරුණු ඉදිරිපත් කරයි.ඔහුගේ මේ අදහස් දැඩි සේ විවාදයට තුඩුදිය හැකි කාරණා බව නම් නොකිවමනාය. එබැවින් එම නිගමනයන් පුළුල් ව විවාදයකට බඳුන් කිරීම සඳහා ඉදිරිපත් වීම අපගේ සරසවිවල ආචාර්ය, මහාචාර්යවරුන්ගේ සහ වෙනත් පර්යේෂකයන්ගේ වගකීමකි. ඒ අනුව වංශරත්න මහතාගේ මතයේ සත්‍ය බව සනාථ වුවහොත්, ඔහු ගේපර්යේෂණ සෙසු ලෝකය ඉදිරියට ගෙනයාම සඳහා සහාය දීමත්, ඔහුට හිමි නිසි ගෞරවය ලබාදීමට කටයුතු කිරීමත් මෙරට රජය සතු වගකීමක් වන බවට ද විවාදයක් නැත.

No comments:

Post a Comment