.QOverlay { background-color: #000000; z-index: 9999; } .QLoader { background-color: #CCCCCC; height: 1px; } .QAmt { color:#FF530D; font-size:50px; font-weight:bold; line-height:50px; height:50px; width:100px; margin:-60px 0 0 -50px; }

Pages

Thursday, June 2, 2011

beautiful wallpapers for u..........
















most powerful jets in world.......










ලෝකයේම අවදානය දිනාගත් නවතම helicopter විශේෂය hotelicopter......









ලෝකපුදුම හත අළුත්වෙලා.........

ස්විස්ටර්ලන්තයේ "නවීන විවෘථ ලෝක සංවිධානය" (NOWC) මගින් 2007 ජූලි 7වැනි දා පෘතුගාලයේ ලිස්බන් නුවරදී ලෝකයේ අළුත්ම පුදුම හත නම් කරන ලදි . මෙම නම් කිරීම සිදු කරනු ලැබූවේ අන්තර්ජාලය හා දුරකථන මගින් කළ ඡන්ද විමසීම්වලට අනුවය.විශේෂත්වය ලංකාවේ සීගිරියට එහි ස්ථානයක් හිමි නොවිමයි.





01. චීන මහා ප්‍රාකාරය.















02. ඉන්දියාවේ ටාජ්මහල.
















03. ජෝර්දානයේ පේට්රාහි (ශතවර්ෂ ගනනක් පැරනි රෝස නටබුන්).





















04. රෝමයේ කොලෝසියම් රගහල.














05. රියෝදි ජැනැයි රෝ නගරයට ඉහළින් පිහිටි ක්‍රිස්තු ප්‍රතිමාව.




















06. පේරු රටේ මචෝ පිචෝ ඉන්කා නටබුන්.

















07. මෙක්සිකෝවේ ඡිචෙන් ඉට්සා ඉන් ‍යුකටන්.

මැගලන් ගේ මුහුදු ගමන

බොහෝ බාධක සහ කරදර මධ්‍යයේ 1519 සැප්තැම්බර් 20 වැනි දින නැවියන් 280 දෙනෙකුගෙන් සමන්විත වූ තම නෞකා පහ මුහුදට දියත් කරන්නට මැගලන් සමත් වුණා. ස්පාඤ්ඤයේ සෙවිලි නගරයේ ශාන්ත ලූකාර් වරායෙන් තම දේශ ගවේෂණ යාත‍්‍රා ගමන ආරම්භ කළා. මැගලන්ගේ කොඩිය සහිත නෞකාව වූයේ ටි‍්‍රනිඩෑඩ් ය. ගමනේ මුල් දින කිහිපය ඉතා සාමකාමීව ගත කරන්නට මැගලන් ඇතුළු පිරිසට හැකි වුණා. එහෙත් මැගලන් නොදැනුවත්වම කරදර රැසක් ඒ වන විටත් පැසවෙමින් තිබුණා.සැප්තැම්බර් 26 වැනි දින මැගලන් ඇතුළු නෞකා කණ්ඩායම කැනරි දූපත්වල ටෙනිරයිෆ් වලට ළඟා වුණා. මැගලන් සමඟ මේ ගමනට සහභාගි වුණු වැනිසියානු ජාතික අන්තෝනියෝ පිගෆෙටෝ මේ දූපත් ගැන මෙසේ වාර්තා කර තිබෙනවා.“මීදුමෙන් වටවුණු සුරංගනා දූපත් වැනි වූ මෙහි මධ්‍යයේ වළාකුළු තරම් උසට නැගුණු කඳු දක්නට ලැබෙනවා”මැගලන් මෙම දූපත්වලට ළඟා වුණු සැනින් ඔහුගේ මාමණ්ඩිය වූ බාර්බෝසා, මැගලන් වෙතට පණිවුඩයක් රැගෙන පැමිණියා. මැගලන් ගේ නෞකාවල ගමන් ගත් කපිතාන්වරුන් තිදෙනෙක් ටෙනිරයිෆ් හි දී මැගලන්ව මරා දමන්නට කුමන්ත‍්‍රණය කර ඇති බවයි ඉන් කියැවුණේ.
තමන්ට එරෙහිව කුමන්ත‍්‍රණය කළ කපිතාන්වරු තිදෙනා ගැන දැනගත් මැගලන් ඒ ගැන අවධානයෙන් පසුවන්නට ද සුදුසු වේලාව පැමිණි විට ඊට නිසි පියවර ගන්නට ද සූදානම් වී සිටියා.ගමන ආරම්භයේ සිටම කරගෙන ආ පිළිවෙතක් වූයේ සෑම සවසකම එකතු වී අදහස් හුවමාරු කර ගැනීමයි. ටික දිනක් ගත වූ පසුව මැගලන්ට එරෙහිව කුමන්ත‍්‍රණය කළ කපිතාන්වරු තිදෙනා මේ අදහස්් හුවමාරුව ප‍්‍රතික්‍ෂේප කළා. එමෙන්ම මැගලන්ට නියම නමින් ආමන්ත‍්‍රණය කරන්ටත් පැකිළුණා. මේ හේතුව නිසා නාවිකයන් අතර ගැටුමක් ඇති වුණු අතර ඉන් කිහිපදෙනෙක් සිරභාරයට ගන්නටත් මැගලන්ට හැකියාව ලැබුණා. මින් බියට පත් අනෙක් නාවිකයන් මැගලන්ට අවනත වෙමින ගමන් කරන්නට වුණා.මැගලන්ගේ ප‍්‍රධාන අරමුණ වුණේ කුළුබඩු දූපත් වලට ළඟා වන්නටයි. එහෙත් ඉතා තද මුහුදු රැල්ල බටහිර අපි‍්‍රකානු වෙරළ දෙසට සැඩවුණු අතර කුණාටු නිසා ඔවුන් බටහිර අපි‍්‍රකානු වෙරළට ගසාගෙන ගියා.ඔවුන් කෙසේ හෝ බටහිර දෙසට ගමන් කරමින් අත්ලන්තික් සාගරය තරණය කළා. ඔවුන්ට ඒ සඳහා දින 79 ක කාලයක් ගත වුණා. ඔවුන් අද රෙසිෆ් නමින් හඳුන්වන පර්නැම්බියුරක් වලට ළඟාවුණු අතර දකුණු ඇමෙරිකානු වෙරළ තීරය දිගේ ගමන් කරන්නට වුණා. එහිදී ඔවුන්ට රතු ඉන්දියානුවන් මුණගැසුණු අතර ඔවුන් හා මිත‍්‍ර වෙන්නට ද නැවියන් සමත් වුණු බවයි පැවසෙන්නේ මැගලන් සමඟ ගමන් ගත් අන්තෝනියො පිගෆෙටෝ මේ පිළිබඳව තම දිනපොතෙහි මෙසේ සටහන් කර තිබෙනවා. “මෙහිදී අපි සාර්ථක ලෙස බඩු හුවමාරු කර ගතිමු. බිලී කොක්කක් හෝ දී කුකුළන් පස් දෙනෙකු හෝ හය දෙනෙකු හෝ ලබාගන්නට පිළිවන් විය. පනාවක් දී පාත්තයන් දෙදෙනෙකු ද ලබාගතිමු.... කඩදාසි කුට්ටමේ කොළ දී ලෙහෙසියෙන්ම බඩු හුවමාරු කර ගතිමු. කඩදාසි කුට්ටමේ ඉස්කෝප්ප හේරා කොළයක් දී මම කුකුළන් හය දෙනෙකුම ලබාගතිමි. තමාට අත් වූ ලාභය ගැන එම ස්වදේශිකයා අතිශයින්ම සතුටු වූයේය” යාති‍්‍රකයන් මේ අන්දමින් මෙසේ නොවටිනා භාණ්ඩ දී ඒ වෙනුවට අත්‍යාවශ්‍ය ආහාර පානාදිය ලබාගත් බවයි වාර්තා වෙන්නේ.

නිසි මගදැන දිවි ගෙවමු AIDS වලින් වැළකෙමු

ඒඩ්ස් (AIDS) මුළු ලොව හමුවේ පවතින බලවත් තර්ජනයකි. 2005 ජූනි මාසය වන විට HIV / AIDS ආසාදිතයන් ලොව පුරා මිලියන 39.4 ක් ජීවත්වන බව වර්තාගත වී තිබේ. රෝගය වැළඳීමෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව මිලියන 20 කි. අපි‍්‍රකානු රටවල (සහරාවට පහළින් ඇති ප‍්‍රදේශ) මිලියන 25.4 ක් ද, ආසියානු රටවල මිලියන 8.2 ක් ද ආසාදිතයන් බවට පත් වී ඇති බව සඳහන් වේ.ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සළකා බැලීමේදී 2005 සැප්තැම්බර් මාසය වන විට වාර්තාගත වී තිබෙන HIV ආසාදිතයන් ප‍්‍රමාණය 712 කි. එයින් ඒඩ්ස් තත්ත්වයට පත් වූ ආසාදිතයන් ප‍්‍රමාණය 200 කි. ඔවුන්ගෙන් මියගිය ප‍්‍රමාණය 139 කි. ළමා හා ළදරු ආසාදිතයන් 22 කි. පිරිමි හා කාන්තා අනුපාතිකය 1.4 : 1 කි. පිරිමි ආසාදිතයන් 417 කි. කාන්තා ආසාදිතයන් 295 කි.2004 වසරේදී එකතු වී තිබෙන අලුත් ආසාදිතයන් ප‍්‍රමාණය මිලියන 4.9 කි. ඔවුන්ගෙන් 50% ක්ම වයස අවුරුදු 15 - 24 අතර පසුවන්නෝ වෙති.මේ වයසේ පසුවන තරුණ පරපුර මේ අන්දමින් රෝගී තත්ත්වයට පත් වී තිබීම ඉතා කණගාටුදායකය. මේ තත්ත්වය පිටුදැකීමට හැකි ප‍්‍රබලම ක‍්‍රමය වන්නේ දැනුවත්භාවය ලබාදීම තුළින් රෝගය වැළැක්වීම හා පැතිරීම පාලනය කිරීමයි.ලොවටම බලපාන මෙම තර්ජනය හමුවේ අවදානම පිළිබඳව සමාජය දැනුවත් කිරීමත් ආසාදිතයන් සඳහා අවශ්‍ය සෙවා හා ප‍්‍රතිකාර නිසියාකාරව ලබාදීමත් ආසාදිතයන් කොන්කිරීමෙන් වැළකී සිටීමත් වැදගත් වෙයි.මුල්ම ඒඩ්ස් රෝගියා 1981 දී ඇමරිකාවෙන් සොයා ගනු ලැබිණ. ඒඩ්ස් වයිරසයක් මගින් බෝවන රෝගයකි. මෙම වයිරසය මිනිස් සිරුරට ඇතුළත් වී තිබෙන්නේ අපි‍්‍රකානු Green Monkies ගෙන් බවට මතයක් පවතී.මෙමගින් මිනිස් සිරුරේ ප‍්‍රතිශක්ති පද්ධතිය විනාශයට පත්කර මරණයට පත්කරන ආසාදිත තත්ත්වයක් ඇතිකරයි.AIDS - නතුකරගත් ප‍්‍රතිශක්ති ඌනතා සහලක්‍ෂණයHIV - මානව ප‍්‍රතිශක්ති ඌනතා වයිරසයවයිරසය ශරීරගත වී වසර කිහිපයක් හෝ රෝග ලක්‍ෂණ නොපෙන්වා සිරුර තුළ පැවතිය හැකිය. මෙවැනි පුද්ගලයන් සිතා සිටින්නේ තමන් සෞඛ්‍ය සම්පන්න බවයි. නමුත් ඔවුන්ගේ සිරුර තුළ වයිරසය පවතින බැවින් තමන් නොදැනුවත්වම රෝගය පතුරවමින් සිටී. රුධිර පරීක්‍ෂාවක් මගින් HIV ආසාදිත දැයි හඳුනාගත හැකිය.
රෝගය වැළඳීමෙන් වැළකෙන්නේ කෙසේ ද? එඩ්ස් රෝගය වැළඳෙන්නේ ආසාදිත පුද්ගලයකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙනි. මත් ද්‍රව්‍ය එන්නත් මගින් ලබාගන්නා අය ද රෝගයට ගොදුරු විය හැකිය.තරුණ පරපුර දැනුවත් විය යුතු වන්නේ තම ලිංගික සම්බන්ධතාවය එක් සහකරුවෙකුට හෝ සහකාරියකට සීමා කළ යුතු බවයි.
මේ අයුරින් බෝ නොවේආසාදිත පුද්ගලයන් හා සාමාන්‍ය පරිදි ඇසුරු කළ ද රෝගය බෝ වන්නේ නැත.* රෝගියකුට අතට අතදීමෙන්* සිප වැළඳ ගැනීමෙන්* ආසාදිත අයකු පාවිච්චි කළ පිඟන් කෝප්ප පාවිච්චි කිරීමෙන්* මදුරුවන්, මකුණන් දෂ්ඨ කිරීමෙන්* කැස්ස, කිවිසුම මගින්සාමාන්‍ය ජන ජීවිතයේ සිදුකරනු ලබන ඇසුරු කිරීම් මගින් රෝගය බෝ නොවන නිසා HIV ආසාදිතයකු සාමාන්‍ය පරිදි ඇසුරු කිරීමට බිය විය යුතු නැත. ළමා අවධියෙ සිටම අයහපත් පුරුදුවලින් වැළකී සුචරිතවත් දිවියක් ගත කිරීමෙන් ඔබේ තරුණ ජීවිතය නීරෝගීමත්ව ගතකිරීමට හැකිවේවි.

පිළිකාවට වැට බඳින ඔලිව් තෙල්

මධ්‍යධරණී රටවල භාවිතා කරන ඔලිව් තෙල් පිළිකා වැළඳීම අවම කරන බව විද්‍යාඥයන් පිරිසක් සොයා ගෙන තිබෙනවා.ඔලිව් තෙල් අන්තර්ගත ‘ඔලීක්’ අම්ලය මෙම කි‍්‍රයාවට දායක වන බව මේ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ බි‍්‍රතාන්‍ය නෝත් වෙස්ටන් සරසවියේ විද්‍යාඥයන් පවසනවා.පියයුරු පිළිකාවලට කාරකය වන ජානයක වැඩීම මෙම අම්ලය නිසා නතර වන බව රසායනාගාර පර්යේෂණයක දී හෙළි වී තිබෙනවා.මේ පිළිබඳ සතුට පළ කරන පිළිකා මර්දන ව්‍යාපාර, ඉහත සොයා ගැනීම තවදුරටත් වැඩි දියුණු කළ යුතු බවට යෝජනා කරනවා.

විශ්මිත මළ මුහුද

මහා සයුරට බැස්සොත් පිහිනීමට නොදනී නම් ඔබ සැඩ රළ පහර මැද ගිලී යාවි. නමුත් නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද නොහැකි අරුම පුදුම මුහුදක් ගැන ඔබ අසා තිබෙන්නට පුළුවන. ඒ ජෝර්දානයත් ඊශ‍්‍රාලයත් අතර පිහිටි මළ මුහුදයි. අක්ෂාංශගත පිහිටීම ගතහොත් උත්තර අක්ෂාංශ 100 - 300 අතර ද නැගෙනහිර දේශාංශ 300 - 450 අතරද මළ මුහුද පිහිටා ඇත.සාමාන්‍ය මුහුදකට වඩා මළ මුහුදෙහි ජලයෙහි විශේෂත්වයට හේතුව එහි ඇති අධික ලුණු සාන්ද්‍රණතාවයයි. මෙම ලවණතාවය සාමාන්‍ය මුහුදු ජලයෙහි මෙන් අට ගුණයකි.මෙයට හේතු දෙකකි. ප‍්‍රධාන හේතුව මළ මුහුද වෙනත් සාගරයක් හෝ මුහුදක් සමග සම්බන්ධ නොවීමයි. අනෙක් හේතුව නම් නුබියන්, සිරියන් වැනි විශාල කාන්තාර ප‍්‍රදේශවලට මැදිව පිහිටීම නිසා අධික වාෂ්පීකරණයකින් යුක්තවීමයි. මෙම විශේෂිත ලවණ සාන්ද්‍රණතාවය නිසා සාමාන්‍ය මුහුදක දැකිය හැකි මසුන්, දැල්ලන්, ඉස්සන් වැනි ජීවීන් හෝ මුහුදු ශාඛ මළ මුහුදෙහි දැකිය නොහැක. අධික ලවණතාවයට ඔරොත්තු දෙන, දම් පැහැති ජීවීන් විශේෂයක් මළ මුහුදෙහි වෙසෙන බව සාගර විද්‍යාඥයන් විසින් මෑතකදී සොයා ගෙන ඇත.









මළ මුහුද පිහිටා ඇති ආකාරය පිළිබඳව විමසීමේදී එය පියවි ඇසින් දැක බලා ගත හැකි මුහුදු මට්ටමින් පහත්ම ස්ථානය ද වේ. මෙහි ජල මට්ටම මීටර් 405 ක් ගුඹුරින් පිහිටා තිබෙන අතර ගොඩබිමේ සිට පහළට යත්ම අධික ලෙස උෂ්ණත්වයද වැඩි වේ. මෙම විශේෂිත පිහිටීමට හේතු වී ඇත්තේ පෘථිවිය නිර්මාණය වීමේදී ඇති වූ ගිලාබැසීමක් හෙවත් සුවිභේද නිම්නයක් වීමයි. අධික උෂ්ණත්වයක් පැවතීම නිසා ශීත සෘතුවේ වුවද මෙම ප‍්‍රදේශය සෑහෙන උෂ්ණත්වයකින් යුක්තය. විශාල ගැඹුරක පිහිටා තිබුණද, මුහුදු වෙරළට වාහනයකින් යාමට හැකිවීම මළ මුහුදු වෙරළෙහි තවත් විශේෂ ලක්‍ෂණයකි.මළ මුහුදෙහි ඇති කරදිය මිදී සෑදී ඇති රෝස සහ සුදු පැහැයට හුරු විශාල ලුණු කඳු සහ ටැම් ස්වභාවධර්මයේ තවත් අපූර්වතම නිර්මාණයකි. ඊශ‍්‍රායලයත් ජෝර්දානයත් මෙම ලුණු උපයෝගී කර ගනිමින් ඖෂධ වර්ග, විවිධ රසායනික ද්‍රව්‍ය, තීන්ත වර්ග සහ රසායනිත පොහොර නිෂ්පාදනය කරයි. පොටෑෂ්, බ්‍රෝමයිට් මැග්නීසියම් වැනි ඛනිජ වර්ග ද මෙම ලුණුවල අන්තර්ගතව ඇත.මළ මුහුද මෙම රටවල සංචාරක කර්මාන්තයටද විශාල වාසියක් ව ඇත. වසරක් පාසා විශාල සංචාරකයින් සංඛ්‍යාවක් මෙම ප‍්‍රදේශයට පැමිණෙන අතර මළ මුහුදෙහි නෑමට ප‍්‍රියකරති.මෙම ජලයෙහි සමේ රෝග, ස්වශන රෝග, වාතරෝග, සෙම් රෝග සහ විවිධ හන්දිපත් රෝග සුව කිරීමේ බලයක් ඇත. එමෙන්ම ලවණ මිශ‍්‍රිත මඩෙහි බැස සිටීමද විවිධ රෝග සඳහා ප‍්‍රතිකාර ක‍්‍රමයකි. ජෝර්දානයේ සහ ඊශ‍්‍රායලයේ හෝටල් කර්මාන්තයට මෙම සංචාරකයන් නිසා විශාල ආදායමක් ලැබේ.විශ්මිත මළ මුහුද කාන්තාරයෙහි බිහිවූ අමිල සම්පතක් බව දැන් ඔබට වැටහෙනු ඇත.

හිටි ගමන් නැව් ගිල ගන්නා රහස හෙළි වේ

සාගරය ගැන අපි නොදන්නා තතු බොහෝය. ඇතැම් විටෙක එහි ප‍්‍රචණ්ඩකාරී වූත් බියකරු වූත් හැසිරීම පුදුම සහගතය. සාගරය පිළිබඳව මෙතෙක් සිදු කර තිබෙන පර්යේෂණවලට පවා අනාවරණය කර ගත නොහැකි වූ රහස් තතු මේ මහ සාගරය තුළ තවමත් සැඟ වී තිබේ.කෙසේ නමුත් නොසිතූ මොහොත අත්භූත ජනක ලෙස නැවක් ගිලා බැසීමේ සිදුවීමක් ගැන අසන්නට ලැබුණු විට ඊට හේතු වූ කාරණය සොයා යාමට සාගර පර්යේෂකයන් දැරූ ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් ලෙස මෙසේ යෝධ නැව් පවා මුහුදුබත් වීමට බලපෑ හැකි සුවිශේෂ හේතුවක් සොයා ගැනීමට සමත් වූ පුවතක් ගැන අසන්නට ලැබේ.ඉතාමත් ප‍්‍රචණ්ඩකාරී මෙන් ම විශාල ප‍්‍රදේශයක් කරා පැතිරුණු දැවැන්ත මුහුදු රළ විශේෂයක්් අභිරහස් ලෙස නැව් ගිල ගන්නා බව එම පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ.මෙම ප‍්‍රචණ්ඩකාරී මුහුදු රළ විශේෂය තට්ටු 10 ක විශාල ගොඩනැගිල්ලක් තරම් උසට ඉහළට මතු වන අතර, එය අති දැවැන්ත නැවක් වුණද ගිල්ල විය හැකිය.මෙය හෙළිදරව් වී ඇත්තේ යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය(European Space Agency - ESA)නම් ආයතනයේ චන්ද්‍රිකා මගින් පෙන්නුම් කළ තොරතුරුවලිනි.
2000 වසරේ දෙසැම්බර් මාසයේ දී යුරෝපා සංගමය කරන ලද විද්‍යාත්මක ව්‍යාපෘතිවල කොටසක් හැටියට එම ඒජන්සියේ චන්ද්‍රිකා මගින් ලබාදුන් තොරතුරුවලට අනුව මෙම මුහුදු රළ පිළිබඳව පැවැති නාවික මිත්‍යා මත බැහැර කිරීමට සිදු වී තිබේ.මෙම බිහිසුණු මුහුදු රළ පිළිබඳව 2001 වර්ෂයේ දී සිදු කරන ලද පර්යේෂණ වල දී සති තුනකදී ලැබුණු දත්ත මඟින් පෙනී ගොස් ඇත්තේ එනම්, ඒවා මීටර් 25 (අඩි 80 ක්) උසට එසැවෙන ගෝලාකාර ස්වරූපයක් ගන්නා බවයි.යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය කරන්නේ මෙම දැවැන්ත මුහුදු රළ අවුරුදු 10,000 කට වරක් හට ගන්නා බවට, විද්‍යාඥයන් විශ්වාස කරන බවය. එහෙත් ජර්මනියේ ට්ම්ඉඉ පර්යේෂණ මධ්‍යස්ථානයේ වාල්ෆ්ගැන්ග් රොතෙන්සල් පවසන්නේ මෙම දැවැන්ත මුහුදු රළ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීමට අවශ්‍ය බවයි.යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය ප‍්‍රකාශ කරන ආකාරයට පසුගිය දශක දෙක තුළ මීටර් 200 කට (අඩි 650) ක් වඩා විශාල නැව් සහ කන්ටේනර් නැව් ගණනාවක් සාගර මධ්‍යයේ දී අනතුරට ලක් වී ඇත. එහෙයින් මෙම සිදුවීම්වලට මේ බිහිසුණු මුහුදු රළ බලපාන්නට ඇති බවට විශ්වාස කළ හැකි බව ඔවුහු තවදුරටත් ප‍්‍රකාශ කර සිටිති.මෙම අති බිහිසුණු රළවලින් සිදුවිය හැකි නාවික අනතුරු අවම කර ගැනීම සඳහා දැනටමත් යම් යම් උපාය මාර්ග හා පිළියම් යොදා ඇති බව එම එජන්සිය පෙන්වා දෙයි. අද නිපදවන විශාල නැව්වල බඳ වටා මීටර් 15 කට වඩා උසට තට්ටු සාදා එමගින් නැවට ආරක්‍ෂාව සැලසීම ඉන් එක් උපාය මාර්ගයකි.

නියමුවන් රහිත ගුවන් යානා






මිනිසාටත් උඩු ගුවනේ පියාසර කළ හැකි බව මුලින් ම පෙන්වා දෙන ලද්දේ රයිට් සහෝදරයන් විසිනි. එසේ වුවත් එයට හරියට ම ශත වර්ෂයකට පසුව නියමුවන් රහිත අනාගත ගුවන් යානා දෙස දැන් අපි බලා සිටින්නෙමු. තාක්‍ෂණය කෙතරම් විස්මිත ලෙසින් මිනිසා ග‍්‍රහණය කරගන්නේ ද යන්නට එය එක් උදාහරණයක් පමණි.මේ වන විට ලෝකය තුළ නියමුවන් රහිත ගුවන් යානා භාවිතය අරුමයක් නොවේ. නියමුවන් රහිත ගුවන් යානා (Uninhabited Aerial Vehicles - UAV) යුද කටයුතු සඳහා මෙන් ම අනෙකුත් සමාජ සංවිධාන හා සම්බන්ධ කි‍්‍රයාවලීන් සඳහා ද යොදා ගනු ලැබේ. එවැනි ගුවන් යානා බොහෝ විට නියමුවන් රහිතව යවන්නේ ඇතැම් අවස්ථාවල ඇතිවිය හැකි අනතුරුදායක ස්වභාවය හේතු කරගෙනය.මෙවැනි ගුවන් යානා දැනටමත් යුදමය වශයෙන් මැදපෙරදිග රටවල භාවිත කර ඇති අතර, එහිදී සතුරු ඉලක්කයන්ට බෝම්බ හෙළීම,, සැක කටයුතු ස්ථාන පොළොව මට්ටමෙන් අඩි දහස් ගණනක උසක සිට ඡායාරූප ගතකිරීම හා මාර්ගවල යනෙන රථවාහන නිරීක්‍ෂණය කිරීම වැනි කටයුතු සඳහා යොදා ගැනේ.සමහර විචාරකයන් පවසන පරිදි, මෙළොව මිනිසුන් සහිතව භාවිතව කරනු ලබන අවසන්ප‍්‍රහාරක ගුවන් යානා විශේෂය අධිතාක්‍ෂණික ජ් - 35 ප‍්‍රහාරක යානා විය හැකිය. තවත් සමහරුන් පවසන්නේ අවම වශයෙන් මෙම නියමුවන් රහිත ගුවන් යානා, රසායනික හෝ ජෛව විද්‍යාත්මක අවි හේතුවෙන් පරිසරයට එකතු වී ඇති අහිතකර රසායනිකයන් පිළිබඳ සෙවීම වැනි අනතුරුදායක කටයුතු සඳහා යෙදවිය හැකි බවයි.






එම වාහන හෝ ගුවන් යානාවල පැවැත්ම පිළිබඳ ගැටලුවක් නොමැති වුවත් නාගරික ප‍්‍රදේශවල භාවිත කිරීමේ දී මහජන ආරක්‍ෂාව, අධික වියදම සහ ප‍්‍රහාරක ගුවන් යානාවලට වඩා වැඩියෙන් අනතුරට ලක්වීමේ ඇති හැකියාව යන කරුණු සම්බන්ධයෙන් ගැටලු පැන නැඟී තිබේ.මෙයට අමතරව මෙම උපකරණ සඳහා ඉතා විශාල දත්ත සම්පෙ‍්‍ර්ෂණ පරාසයක් අවශ්‍යය. එනිසා නවීන තාක්‍ෂණය ආධාරයෙන් මෙයට පිළියමක් යොදනතුරු ඬයමුවන් රහිත වාහන සහ ගුවන් යානාවල භාවිතය යම් තරමක් දුරට සීමා කිරීමට සිදුව ඇත. වැඩිදෙනකු වෙතින් බිය පළ වී ඇත්තේ, මහාමාර්ග හා වාහන තදබද නිරීක්‍ෂණ කටයුතු සඳහා නියමුවන් රහිත ගුවන් යානා යොදා ගැනීමේදී මහජනතාවගේ ආරක්‍ෂාව තහවුරු වනවාද යන්න පිළිබඳවයි.මෙවැනි නියමුවන් රහිත ගුවන් යානා පළමුවෙන්ම භාවිත කරන ලද්දේ වියට්නාම් යුද්ධයේ දී ය. එහෙත් එයට වඩා පියවර ගණනාවක් ඉදිරියට යාමට නූතන තාක්‍ෂණය සමත් වී ඇත.ජාලකරණ තාක්‍ෂණය සහ දත්ත සම්ප්‍රෙෂණ පරාසය පුළුල්වීමත් සමඟ ම මෙම නියමු රහිත ගුවන් යානාවන්ට එකවිට ස්ථාන කිහිපයක් සමග තොරතුරු හුවමාරු කරගැනීමටත්, තමන් සිටින ස්ථානය පිළිබඳව තොරතුරු සැපයීමටත්, ඡායාරූප ලබාදීමටත් හැකියාව ලැබී ඇත. මෙම තාක්‍ෂණික දියුණුව නිසාඔ - 45 වැනි ඉතා නිරවද්‍ය බෝම්බ ප‍්‍රහාර එල්ල කළ හැකි නියමුවන් රහිත යුද ගුවන් යානා නිපදවීමටත් අද ඇතැම් රටවල් සමත්වී ඇත. මෙම යානාවලට අදාළ කාර්යය පිළිබඳ මහ පොළොව මතදී උපදෙස් ලබාදීමට හැකි අතර ගුවන්ගත කර ඇති විටදීත් අවශ්‍ය අවස්ථාවලදීත් එම උපදෙස් වෙනස් කිරීමේ හැකියාව පාලනය කරන්නා සතුව ඇත.ග්ලෝබල් හෝක් වැනි නියමුවන් රහිත ගුවන් යානාවලට වළාකුළු ගහණ අහසක් හෝ වැලි කුණාටුවක් තුළින් විනිවිද ගොස් අවශ්‍ය නිරීක්‍ෂණ කටයුතු සිදු කළ හැකි අතර, අනෙකුත් කුඩා ගුවන් යානාවලට සවිකර ඇති ප‍්‍රබල කැමරා මගින් අඩි දහස් ගණන උසක සිට පොළොව මතුපිට ඇති හෙල්මටයක් හෝ තොප්පියක් වැනි කුඩා වස්තුවක් වුවද ඡායාරූපගත කළ හැකිය. තවද මෙම ගුවන් යානාවන්ට වැඩි කාලයක් ගුවන්ගත වී සිටීමේ හැකියාව ඇත. උදාහරණයක් වශයෙන්ට්දචබ 750 නම් යානයට පැය 48 ක් අඛණ්ඩව ගුවනේ රැඳී සිටිය හැකි අතර අඩි 26,250 ක් උසක් දක්වා ඉහළට ගමන් කළ හැකිය.





කැලිෆෝනියා මිදි වගාවට ඉහළ අහසෙ හිම පතනය පිළිබඳ නිරීක්‍ෂණ කටයුතු සිදුකිරීම සඳහා සහ එක්සත් ජනපද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ලැව්ගිනි පිළිබඳ නිරීක්‍ෂණය කටයුතු මෙහෙයවීම පිණිස අද වන විට මෙබඳු නියමු රහිත ගුවන් යානා යොදාගනු ලැබ ඇත. ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල් අනවසර සංක‍්‍රමණිකයන් සහ මත්ද්‍රව්‍ය ගෙන්වන්නන් සම්බන්ධ නිරීක්‍ෂණ කටයුතු සඳහා ද මේවා යොදා ගනිමින් සිටිති.කෙතරම් ප‍්‍රයෝජන ඇතත්, නියමුවන් රහිත යානා සම්බන්ධව අද වන විට තරමක ගැටලු මතුවී තිබේ. එවැනි ගැටලුවක් වන්නේ එම යානාවල ඇති අධික මිලයි.එමෙන්ම එම යානාවන් හි කඩා වැටීමේ හෝ අනතුරට ලක්වීමේ ප‍්‍රතිශතය ද අධිකය.නියමුවන් සහිත ගුවන් යානයකට වඩා එහි කඩාවැටීමේ අවදානම සියයට පණහකින් පමණ වැඩිය.මෙම යානා සම්බන්ධව මතු වී ඇති ඇති තවත් ගැටලුවක් වන්නේ ඒවාට මගී ගුවන් යානා සමග කෙතරම් හොඳින් සන්නිවේදනය කළ හැකිද යන්නයි. පසුගිය අගෝස්තු මාසයේ දී ග්ලෝබල් හෝක් යානයන්ට සාමාන්‍ය අවකාශය තුළ පියාසර කිරීමට අවසර ලබාදුන් නමුත් සාමාන්‍ය මගී ගුවන් යානා ගමන් කරන මාර්ගවලට අඩි දහස් ගණනක් උසින් පියාසර කළ යුතු බවට නීති පනවා ඇත. කෙසේ වෙතත්, යුද හා වෙනත් අවශ්‍යතා සඳහා මෙම යානා නිෂ්පාදනය දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතී. නුදුරු අනාගතයේදීම මෙම යානා ලොව ඕනෑම ගුවන් තොටුපොළකදී දක්නට ලැබෙනු ඇති බවට දැනටමත් අනාවැකි පළ වී තිබේ.





රොයිටර් ඇසුරිනි

උණුසුම හඳුනන අව් කණ්ණාඩිය

අප සිරුරේ උෂ්ණත්වය, පැවතිය යුතු නියමිත අගයේ ම සැම විට ම පවතී නම් එය අපගේ නිරෝගී බව අඟවන හොඳම සාධකයයි.එහෙත් එම තත්ත්වය වෙන්ස් වන අවස්ථාත් ඇතැම් විට එළඹෙන බව අප කවුරුත් දන්නා කරුණක්. උණ වැනි රෝගයක් වැළඳීම, කී‍්‍රඩා කරන විට ශරීර උෂ්ණත්වය ඉහළ යාම හා අධික ඩහදිය දැමීම හේතුවෙන් සිරුර වියළි තත්ත්වයට පත්වීම මෙයට හේතු වශයෙන් දක්විය හැකියි.මෙවැනි අනතුරුදායක තත්ත්වයන් ඇතිවීම පාලනය කළ හැකි ක‍්‍රමයක් දැන් යේල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මාක් ඇබෘ විසින් සොයාගනු ලැබ ඇත. මේ නවතම ක‍්‍රමයට අනුව පුද්ගලයකු විසින් පැළඳ සිටිනු ලබන අව් කණ්ණාඩි යුගලක් ඔහුගේ සිරුරේ උෂ්ණත්වය මැන බැලීම සඳහා උපයෝගී කරගනු ලැබේ.මේ අව්කණ්ණාඩි මඟින් සිරුරේ උෂ්ණත්වය මැන බැලීමේ ක‍්‍රමය වඩාත් වැදගත් වන්නේ කය වෙහෙසා ශාරීරික අභ්‍යාසයන්හි යෙදෙන කී‍්‍රඩකයන්ට බවයි, එහි නිර්මාතෘ ආචාර්ය මාක් ඇබෘ පවසන්නේ වයර් ආදියෙහි සම්බන්ධයක් නොමැතිව ස්වයංකි‍්‍රය ලෙස කි‍්‍රයාකරන මේ අපුරු උපකරණය මඟින් එය පැළැද සිටින්නාගේ ශරීර උෂ්ණත්වය නිරන්තරයෙන්ම සටහන් කර ගැනීම සිදුවෙයි. එසේ සටහන් කරගනු ලබන උෂ්ණත්වය, නියමිත අගයට වඩා වෙනස් වූ විට අදාළ පුද්ලයාට ඒ බව දැන ගැනීමට සංඥාවක් නිකුත් කිරීම සිදුවේ.




ක‍්‍රීඩකයන්ට මෙය වඩාත් වැදගත් වන්නේ ඩහදිය දැමීමෙන් හෝ වෙනත් හේතුවක් නිසා තම සිරුරේ උෂ්ණත්වය වැඩි වූ විට, එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජලය පානය කිරීමට හෝ නිවැරැදි ප‍්‍රතිකාරයක් ගැනීමට හෝ මෙමගින් මඟ පෙන්වන නිසායි.ආචාර්ය මාක් පවසා සිටින පරිදි මෙම නවතම අව් කණ්ණාඩිය මඟින් උෂ්ණත්වය මැන බලන්නේ මිනිස් සිරුරේ ඉතා සියුම් සමක් පවතින ඇස් හා නාසය අවට ප‍්‍රදේශයේයි. වැඩිපුරම ආලෝක ශක්තියක් සිරුර වෙත ග‍්‍රහණය කරගනු ලබන හා වඩාත් සියුම් සමක් සහිත මෙම ඇස් හා නාසය අවට ප‍්‍රදේශය මිනිස් මොළයේ තාපය ගබඩා කරන මධ්‍යස්ථානය හා සම්බන්ධ වන බවයි ඔහු වැඩිදුරත් පවසන්නේ.ඒ අනුව තාපසංවේදී වැඩි දියුණු කරන ලද අව් කණ්ණාඩි යුගලක් මගින් ශාරීරික උෂ්ණත්වය මැන බැලීමේ මේ අලුත් ක‍්‍රමය ඉතා සාර්ථක වන්නක් බවයි විශේෂඥයන් පවසන්නේ.මේ වන විටත් මෙම අලුත් උපකරණය වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමට සිංගප්පූරුවේ ප‍්‍රමුඛ පෙළෙ තාක්ෂණ සමාගමක් ඉදිරිපත් වී සිටියි. ඔවුන් මෙම නවතම තාක්ෂණය වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන්නේ ‘ටෙම්ප් ඇලර්ට්’ (Temp Alert) යන වෙළෙඳ නාමය යටතේයි.තවද මෙම ටෙම්ප් ඇලර්ටි වෙළෙඳ නාමය යටතේ නිෂ්පාදනය වන අව්කණ්ණාඩි තවත් විශේෂ කටයුත්තක් සිදු කළ හැකි වන ලෙසට වැඩි දියුණු කර ඇත. එනම් පසුගිය කාලයේ රටවල් 30 ක පමණ ඉතා ශීඝ‍්‍රයෙන් පැතිර ගිය මාරාන්තික සාර්ස් වෛරසය (Severe Acute Respiratory Syndrome) හඳුනා ගැනීමටත් මෙම නවතම උපකරණයට හැකිවාක් තිබීමය.මේ අනුව බලන විට ශරීර උෂ්ණත්වය මනින මෙම අලුත්ම අව් කණ්ණාඩි සඟයා රෝග හඳුනාගැනීමට උපකාරවන වෛද්‍යවරයකු ලෙස ද අප අතට පැමිණෙන දිනය වැඩි ඈතක නොවනු ඇත.
රොයිටර් ඇසුරිනි